යුක්රේනය සහ රුසියාව අතර ඇති වූ යුද ගැටුම් අතර තුර රුසියාවේ ප‍්‍රහාරක ගුවන් යානා 5 ක් සහ ප‍්‍රහාරක හෙලිකොප්ටර් යානාවක් බිම දැමූ බව යුක්රේන හමුදා පවසයි.
මේ අතර රුසියානු ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ මේ වන විට යුක්රේන මිසයිල ආරක්ෂණ පද්ධතිය සහ ගුවන් හමුදා කඳවුරු සම්පූර්ණයෙන්ම අඩපණ කර අවසන් බවයි.
ලූහන්ස්කා පළාතේ යුක්රේන පාලනයේ තිබූ ෂිරම්ස්කි සහ ස්ටැනිට්සියා ලූහන්ස්කයා නගර දෙක මේ වන විට ලූහන්ස්කා ජනරජ සමුහාණ්ඩුවට යටත් වී තිබෙනවා.එමෙන්ම ලූහන්ස්කා ජනරජය විසින් යුක්රේන හමුදාවේ ඩ්‍රෝන දෙකක් බිම දමා තිබෙනවා.
මේ වන විට ඩොනේට්ස්ක් ජනරජ සමුහාණ්ඩුව නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ අවි බිම තබා බාර වෙන යුක්රේන හමුදා නිලධාරීන්ට සමාව ලැබෙන බවයි.
මේ වන විට යුරෝපා සංගමය විසින් රුසියානු යුද මෙහෙයුම ක‍්‍රියාත්මක වන ප‍්‍රදේශ වල සිටින තම රටවල පුරවැසියන් මුදවා ගැනීමේ මෙහෙයුමක් ක‍්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
චීනය යුරෝපා රටවල් මෙන් යුක්රේනයට ආයුද ලබා නොදෙන බවත් යුක්රේනයේ සිටින තම ජනතාවට ඔවුන්ගේ වාහනවල තම කොඩිය ප‍්‍රදර්ශනය කරන මෙන් පවසා තිබෙනවා.
රුසියානු හදිසි ආපදා අංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ඩොන්බාස් ජනරජ සමුහාණ්ඩුවල සිට ජනයා විශාල වශයෙන් රුසියාව වෙත පැමිණෙමින් සිටින බවයි.
විශාල වශයෙන් ජනතාව කියෙව් නගරයෙන් පිටවීමට උත්සහ දරන අතර කියෙව් නගරයේ උමං දුම්රිය පොළවල් මේ වනවිට සිවිල් වැසියන් ආරක්ෂාව පතා සැඟවී සිටින බංකර් බවට පත් වී තිබේ.
මේ වනවිට යුක්රේනය වෙත පැමිණෙන සියලූම ගුවන් ගමන් අවලංගු කර ඇති අතර,යුරෝපා සංගමයේ රටවල් රුසියාවට එරෙහිව දැඩි සම්බාධක පනවන බව පවසා ඇත. රුසියානු විශේෂ යුද මෙහෙයුම හේතුවෙන් යුරෝපයේ කොටස් වෙළඳපොළ සැලකිය යුතු ප‍්‍රමාණයකින් පහත වැටී ඇත.
රුසියානු ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් මොහොතකට පෙර පැවසුවේ යුක්රේන හමුදාවන් තම ආයුද බිම තබා යටත් වෙමින් සිටින බවයි .
(034)


2025 දෙසැම්බර් මස 18
217
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
169
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
971
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යුක්රේනය රුසියන් ප්‍රහාරක යානා හයක් බිම හෙළයි