
(සුජිත් හේවාජුලිගේ )
ජනතාවට කන්න නැති තත්වයක් රටේ නැතැයි මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
ඔහු මෙසේ පැවසුවේ කොළඹ හොරණ 120 මාර්ගයේ ඉදිකෙරෙන පාමංකඩ නව පාලම හේතුවෙන් නිවාස අහිමිවන පවුල් වෙනුවෙන් ලබාදෙන නව නිවාසවල යතුරු බාරදීමේ උත්සවයේදීය.
ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා එහිදී මෙසේද කීවේය. "කන්න නැති තත්වයක් මේ රටේ නෑ. අපි ඒක පිළිගන්න ඕන. ඉන්ධන මිල මෑතක වැඩි වුණා.ඒත් කිසිම වාහනයක් අඩුවෙන් ධාවනය වෙනවා ඔබ දැකලා තියෙනවද?
"අවුරුදු එක හමාරක් ගෙවල්වල හිරවෙලා හිටියා කියලා ජනතාව දන්නවා. ඒ කාලේ කරගන්න බැරි වුණ දේවල් රටේ ආර්ථිකය සහ තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කරගන්න ජනතාව තමන්ගේ මුළු ශක්තියම යොදවලා ලොකු කැපවීමක් කරනවා. අපි පිළිගන්න ඕනෙ අද සිමෙන්ති ප්‍රශ්නයක් තියෙනවා.
නමුත් මහින්ද රාජපක්ෂ මහතාගෙන් පස්සේ ලංකා ඉතිහාසයේ වැඩිම ඉදිකිරීම් වෙන්නේ මේ යුගයේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගෙන් පස්සේ වැඩියෙන්ම මාර්ග හැදෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේයි.
පුද්ගලික අංශයේ වැඩියෙන්ම ගොඩනැගිලි හැදුණේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලේ. අද ඊටත් වැඩිය හැදෙනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ. විපක්ෂයට මේ දේවල් ඇහේ කටු අනිනවා වගේ. පාරක් හැදෙනවා දකිද්දී ඔවුන් හරියට දුක් වෙනවා, ඔවුන්ගේ කාලේ කරන්න බැරි වුණ එක ගැන. පාලමක් හැදෙනවා දකිද්දී ඔවුන්ට හරි දුකක් ඇති වෙනවා අපිට මේක කරගන්න බැරි වුණා කියලා.ඕක තමයි ඇත්ත තත්ත්වය.
COMMENTS
කන්න නැති මිනිස්සු නැතිවීමයි, සෞභාග්‍යයේ අර්ථකථනය... හැබැයි එක වේලක් හරි කන්න නොලැබෙන අය ඕනෙ තරම් රටේ සිටිනවා.
දැන් දැන් රටේ විශාල ලෙසට ගැටලු ඇතිවෙලා තියෙන්නේ ඩොලර් නැතුව නේද? ඉතින් මාර්ග හැදීම අවශ්‍ය තමයි, නමුත් මාර්ග හැදුවාම ඩොලර් ලැබෙන්නේ කොහොමද? ඒ නිසා කොමිස් ලැබෙන මාර්ග ඉදිකිරීමට වඩා අපනයනයට යමක් නිපදවා ගත්තොත් මාර්ග පස්සේ හදන්න පුළුවන් වේවි රටට දැනට අවශ්‍යම දෙයකට මුල්තැන දීලා බලමුකෝ... ඔබතුමා කොහොමද කියන්නේ කන්න නැහැ, මිනිස්සු නැහැ කියලා.. මේ රටේ බොහෝ දෙනෙක් ඡන්දය දෙන්නේ කෑම බලාගෙන කියන්නේ 70 මැතිවරණය හඳේ හාල් සේරු දෙකකට, 77 ඇට අටක් කන්න 94 දී 3.50 පාන් කන්න... ඒකෙන් පේනවා කන්න නැතුව කොච්චර ඉන්නවද කියලා... !!!
බඩවල් හාරලා බැලුවාද? වේලක් ඇර වේලක් ඇතිද? ඔහෙලා කන විදියට නම් කාටවත් නැතුව ඇති. කාලකණ්ණි හැත්ත...
ඔබතුමාලාට අගහිඟකම් දැනෙන්නේ නැහැ... අපෙන් කාලා ජීවත් වෙන නිසා.
හැමෝටම තණකොළ කන්න බෑ..!
ජොන්ටානේ කියන්නේ..!
අපොයි ඔව් ඇමැතිතුමා, මේ තෙල් මිල, ගෑස් මිල, පාන් ගෙඩියක් ගිහින් තියෙන මිල, හාල් එළවළු ඇතුළු සියලුම ආහාර ද්‍රව්‍ය මිල අහස උසට ගිහින් තියෙන වෙලාවේ රටේ මිනිසුන් ඉන්නේ තුන් වේලට පස් වේලක්ම කාලා කාලා ඉස්මුරුත්තා වෙලා. ඉතින් මේ වගේ බඩුමිල ඇතුළු සෑමදේම මිල අඩු සෞභාග්‍යයෙන් පිරී ඉතිරී යන කාලෙක මිනිසුන් බඩගින්නේ ඉන්නවා කියන්නේ කොහොමද නේද? ඔබතුමාගේ කතාව හරි...
රටට සාපයක් වුණේ ඔයාලා තොලොංචිවෙලා ගිය දවසට තමයි... ලංකාවට සෙත...
මේ වගේ අය අපේ රටින් තුරන් කර දැමිය යුතුයි.. මෙයා කන්න දෙන්නේ නැති වුණාට මිනිස්සුන්ට හොඳට බොන්න දෙන බිස්නස් නම් කරනවා.
රටේ මේතරම් උග්‍ර තත්වයක් තුළ කෝටි 16ක් හොරාකෑමට, පාරවල් හැදුමට උඩපනී. අද පෝර නෑ. ගෑස් නෑ. කිරි නෑ. හාල්, පරිප්පු, අත්‍යාවශ්‍ය බඩු සීයට දෙසීයකින් මිල ඉහළට... සිමෙන්ති නෑ. බාස් අත්වැඩ කරන උන්ට කෝ ආදායම?
තුන්වේල නොකන මිනිස්සු මේ රටේ අද ඕනෑතරම් ඉන්නවා. මිනිස්සුන්ට කන්න නැතිවුණාට මෙයාලානම් හොඳටම කනවා. අද රට කනවා.
කන්න බොන්න නැති, මිනිස්සුන් නැති හින්දාද රටේ තියන මුළු සේසතම හූරගෙන කන්නේ..? මේ වගේ නොදරුවන්ව පත්කරලා යවන අය වගේ රීරි මාංශ තමයි කන්න ඕනේ...!
ඡන්දෙකට එන්න.. මිනිස්සු දෙයි ඇති වෙන්නම කන්න.
මෙතන ලියන්නේ කන්න නැති මිනිස්සුද?
අරක්කු ජොනියාට තුන්වේල නොවේ තවතව වේල් කන්න කවන්න සල්ලි තියෙන තරම අපි දන්නවා. සල්ලි නැත්තේ එදිනෙදා වැඩකරන ජනතාව සහ පුද්ගලික අංශයට වැඩකරන පහළ මට්ටමේ සේවකයින්ට. ඔවුහු රටේ දිනපතා වැඩකරන විශාලම ශ්‍රම බලකායයි. සමස්ත රාජ්‍ය සේවක සමූහයෙන් පින්පඩිකාර කණ්ඩායම නේද වැඩිපුරම ඉන්නේ...? හෙල්ලෙන්නේ නැතුව ජරාව ඉල්ලන...