IMG-LOGO

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා


ම.එ.පෙ. මහ සමුළුවේදී වැදගත් තීරණ

මහජන එක්සත් පෙරමුණේ 22 වැනි සම්මේලනය හෙට (17 වැනිදා) කොළඹ නව නගර ශාලාවේදී පැවැත්වේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂ නායක මහින්ද රාජපක්‍ෂ යන මහත්වරු මම සම්මේලනයේ ප්‍රධාන ආරාධිතයෝ වෙති.

පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත්තේ මෙම සම්මේලනයේදී වැදගත් දේශපාලන තීන්දු කිහිපයක් සඳහා එකඟතාවක් ඇතිකරගැනීමේ සූදානමක් තිබෙන බවයි.

මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාගේ මූලිකත්වයෙන් පක්‍ෂ සම්මේලනය පැවැත්වේ.

 



අදහස් (20)

ම.එ.පෙ. මහ සමුළුවේදී වැදගත් තීරණ

sandy123 Saturday, 16 February 2019 05:57 AM

එහෙම ත්‍රීවීල් පක්ෂයක් ලංකාවේ තවමත් තියෙනවද? මේ ඉන්නේ දේශපාලන අනාථයින්....

:       145       234

මංජුල බිරැට් Saturday, 16 February 2019 06:03 AM

නගර ශාලාවේ පක්ෂ සම්මේලනයක් තියනකොට හිතා ගන්න පුලුවන් ඉන්න ජනතාවගේ තරම...

:       99       172

sandy123Saturday, 16 February 2019 06:36 AM

සහතික ඇත්ත. මේ සම්මේලනයට වැඩිපුරම එන්න ඉන්නේ ප්‍රධාන ආරාධිතයන්ගේ ආරක්ෂක නිලධාරින්...

:       42       115

Mahee Saturday, 16 February 2019 07:03 AM

අපරාදේ නගර ශාලාවට සල්ලි ගෙවන්නේ. ඔය කොහේ හරි ගහක් යටට කැඳවන්න තිබුනනේ සමස්ත පක්ෂ සාමාජිකත්වයම. අනික, වැදගත් තීන්දු ගන්නවයි කිව්වේ වෙන අය ගන්න තීන්දුවලට හා කියන එකටනේ.

:       36       108

MAHINDA WIJEKOON Saturday, 16 February 2019 07:20 AM

අපරාදේ වියදම් කරන්නේ මේ සම්මේලනය දිනේෂ්ගේ ගෙදර තියන්න තිබ්බා...

:       38       86

[email protected] Saturday, 16 February 2019 07:35 AM

එහෙම ත්‍රීවීල් පක්ෂයක් ලංකාවේ තවමත් තියෙනවද? මේ ඉන්නේ දේශපාලන අනාථයින්...

:       41       65

Nandalal DE SILVA - France Saturday, 16 February 2019 07:39 AM

"බොරලුගොඩ සිංහයා" නමින් විරුදාවලි ලත් පිලිප් ගුණවර්ධන පවුලේ අන්තිම පුරුක වන (මහජන එක්සත් පෙරමුණේ නායක කියාගන්නා) මහළුවී, සේවයක් රටට කිරීමට බැරුව අසරණවී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මෙම ම.එ.පෙ. මහ සමුළුවේදී වැදගත් තීරණයක් වශයෙන් සිය විශ්‍රාම යාම දන්වා සිටින බව අප ඊට පෙර සිටම දන්වා සිටිමු..!

:       3       106

Hafeel Saturday, 16 February 2019 08:01 AM

මේ පක්ෂයේ සාමාජිකයෝ කී දෙනෙක්ද ඉන්නේ?

:       3       38

Amila Saturday, 16 February 2019 08:32 AM

ගෙදරම තිබ්බා නම් හරිනේ. වැඩිම වුනොත් 50ක් විතර ඉඳීවී අරක්ෂක නිලධාරීන් සහ කේටරින් අයතනයේ අයත් එක්ක...

:       1       90

smn Saturday, 16 February 2019 09:39 AM

වත්මන් ජනාධිපතිගෙයි, හිටපු ජනාධිපතිගෙයි ආරක්ෂක පරිවාරයන්ගෙන්ම ශාලාව පිරෙන්න ඇති.

:       1       44

Sumith Saturday, 16 February 2019 09:49 AM

පක්ෂෙ තිබුණට ජනතාවට කරපු මගුලක් නැහැ.

:       1       49

පිටිගල මිලානෝ Saturday, 16 February 2019 10:57 AM

මේ කියාගන්නා පක්ෂයේ නායකයා යැයි කියා ගන්නා කෙනා රටට කරපු දෙයක් නැත. මුළු ජීවිත කාලය තුළම කලේ තමාගේ මන්ත්‍රීකම හෝ ඇමැතිකම රැකගන්න කාගේ හෝ පක්ෂ නායකයකුගේ රෙද්දේ එල්ලීමට කුරුමා නම් ඇල්ලීමයි. ඉන්පසු එම පක්ෂයට කඩේයාමයි. මෙවැනි අාත්මාර්තකාමින් නිසා තමයි මේ රටට හෙණ වැදුනේ. ආයෙත් මෙවැනි අය පාර්ලිමේන්තු යවන්න තරම් මෝඩ වෙන්න එපා.

:       2       176

Buddika Saturday, 16 February 2019 12:09 PM

මොන සම්මේලන තිබ්බත් තනියම ඡන්දෙට ඇවිත් දිනන්න බැහැ. ඒ නිසා හැමදාම හිටියේ අනුන්ගේ කරේ එල්ලිලා. මේ පක්ෂයෙන් එහෙම ඉල්ලලත් දිනන්නේ දිනේෂ් විතරයි. ලිස්ට් එකෙන් හැමදා එන්නේ තමුන්ගේ මල්ලි විතරයි. මේක නේද පවුල් වාදය...? ඒ පවුල්වාදය තවත් පවුලක් ගොඩගන්න කඩේ යනවා. ඔක්කොම කම්බ හොරු..

:       0       63

ranjith Saturday, 16 February 2019 12:18 PM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද වලින් යන්තම් පාර්ලිමේන්තුවට රිංගනවා... මෙයාලගේ වාචාලකම් නිසා.. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තියෙන ඡන්ද අඩුවෙනවා. මේ ගොල්ලන්ගේ පක්ෂය ඡන්ද දහසක් ගන්න පුළුවන් පක්ෂයක්ද? මොන වැඩක්ද රටට කරලා තියෙන්නේ?

:       0       82

ලේක්කෝ ගලබඩ Saturday, 16 February 2019 12:21 PM

ලෙස්ලි, ෆිලිප්, විවියන් ගුණවර්ධනලාගෙන් පැවත එන මොහුගේ නියම නම දිනේෂ් නෙවෙයි ‘ඩෙනිස්’. මෙයත් හරියට පර්සි මහේන්ද්‍ර ‘මහින්ද’ වුනා වගේ ඩෙනිස්, දිනේෂ් වුනා.

:       63       108

නන්දන පනාගොඩ Saturday, 16 February 2019 01:18 PM

සංගිලි පනික්කිරාලලා වීරවංශලා වෙන මේ කාලේ ඕවත් වැඩද ලාල් අයියේ?

:       43       252

වජිරSunday, 17 February 2019 07:20 AM

කතාව ඇත්තය හිතමුකෝ. අමරදේවගේ, එදිරිවීර සරත්චන්ද්‍රගේ, අරිසෙන් අහුබුදුගේ මුල් නම් ගැනත් ඔහේට අවබෝධයක් තියේද?

:       0       0

ranjith Saturday, 16 February 2019 08:52 PM

මේ ලියලා තියෙන ඒවාවත් බලලා හැදෙනවානම් හැදෙන්න පුළුවන්

:       0       0

වජිර Sunday, 17 February 2019 07:15 AM

මෙහි ප්‍රතිචාර දක්වා ඇති බොහෝ දෙනෙක් ලංකාවේ දේශපානය කියලා දන්නේ රූපවාහිනී ප්‍රවෘත්ති වලින් පෙන්වන ටික පමණක් බවයි පේන්නේ...

:       0       0

Nandalal DE SILVA - FranceSunday, 17 February 2019 09:10 PM

අපෝ නැහැ ! අපිත් ජනාධිපතිවරයා වගේම පත්තර කියවලා තමා රටේ තොටේ සිදුවන දේවල් දැනගන්නේ.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 657 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 841 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 363 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site