(අතුල බණ්ඩාර)
මහකනදරාව වැවේ මසුන් ඇල්ලීමට ගිය තරුණ අද (21) උදෑසන වල් අලි ප්‍රහාරයකින් මරණයට පත්වී ඇතැයි මිහින්තලේ පොලිසිය පවසයි.
මහකනදරාව වැවේ සියඹලාගස්වැව ප්‍රදේශයේ වනජීවී රක්ෂිතයේදී සිදුවූ මෙම සිද්ධියෙන් එම ස්ථානයේදීම මරණයට පත්වී ඇත්තේ සියඹලාගස්වැව පදිංචිව සිටි 31 හැවිරිදි මාකාවිටගේ අමල් හර්ෂ සුරංග නැමැති ධීවරයෙකි.ඔහු අවිවාහකයෙකු බව පොලිස් පරීක්ෂණ වලදී අනාවරණයවී ඇත.
මේ තරුණ ධීවරයා සිය නිවසේ සිට රක්ෂිතය මැදින් වැටී තිබෙන අතුරු මාර්ගයකින් මහකනදරාව වැවේ ඔරු නවතා තිබෙන තොටුපොළ වෙත තනිවම යද්දී ඔහුට වල අලියෙකු පහරදී තිබෙන බවත් , ඊට ටික වෙලාවකට පසු එම මාර්ගයේ ගිය තවත් තරුණ ධීවරයෙක් මාර්ගය ආසන්නයේ වැටී තිබූ මළසිරුර දැක තිබෙන බවත් පරීක්ෂණ වලදී අනාවරණය වූ බව මිහින්තලේ පොලිසිය වැඩි දුරටත් පවසයි.
එම තරුණ ධීවරයා පොලිසියට පවසා ඇත්තේ ඒ ආසන්නයේ වැව් පිටිය අසල වල් අලි දෙදෙනෙකු සිටි බවයි. ඒ වල් අලි දෙදෙනා මිනිසුන් පසුපස පහරදීමට පන්නන දරුණු උන් බව පවසන ගම්වාසීන් මේ ධීවරයාට පහරදී ඔහු මරාදමන්නට ඇත්තේ උන් දෙදෙනාගෙන් එකෙකු විසින් බව කියා සිටියි.
ගම්වාසීන් විසින් ධීවරයාගේ මරණය ගැන දැනුම්දීමෙන් පසු මිහින්තලේ පොලිසියෙන් නිලධාරියෙකු පැමිණ මළසිරුර තිබු ස්ථානය වටා අදින ලද ලනුවද ඊට පසු එතැනට පැමිණි මේ වල් අලි දෙදෙනා කඩාදමා තිබුණි.ඉන් පසු උන් දෙදෙනා ඒ අසල වැව් පිටියේ ටික වෙලාවක් රැදී සිට කැලය තුලට ගොස් තිබුණි.
ගම්වාසීන් පවසන්නේ වල් අලින් සියයකට ආසන්න පිරිසක් මහකනදරාව වැව් රක්ෂිතයේ ගැවසුනත් උන්ගෙන් මිනිසුන්ට හිරිහැරයක් නැතත් මේ දරුණු වල් අලි දෙදෙනා විශාල තර්ජනයක් වී ඇති බවයි.
එම නිසා මේ දරුණු වල් අලි දෙදෙනා අල්ලා මහ කැලැවකට රැගෙන යන්නැයි මේ මරණය ආරංචි වී එතැනට පැමිණි වනජීවී නිලධාරීන්ගෙන් ගම්වාසීහු ඉල්ලා සිටියහ.

2025 දෙසැම්බර් මස 04
433
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
455
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
412
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මාළු අල්ලන්න ගිය තරුණයා වන අලි ප්‍රහාරයෙන් මරුට