(සුජිත් හේවාජුලිගේ)
පානීය අවශ්‍යතා සඳහා ජලය ලබාගන්නා කැලණි ගඟට කොහිලවත්ත හා හංවැල්ල ප්‍රදේශවල සුසාන භූමි දෙකකින් මළ සිරැරැ ආවරණය කරන ඉටි කොළ එකතු වීමේ අවදානමක් මතු වී ඇතැයි එම ගංගාවේ ජල දූෂණය පිළිබඳ පරිසර විගණන වාර්තාවේ දැක්වෙන බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප්) මහාචාර්ය චරිත හේරත් මහතා පවසයි.
මේ ප්‍රශ්නය හැකි ඉක්මනින්ම විසඳා ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප්) රාජ්‍ය සේවා, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශයේ ලේකම්වරයාට පසුගියදා උපදෙස් දී ඇත.