IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


මීළඟ ජනපතිට බරපතළ කාර්යයන් තුනක්

19 වැනි සංශෝධනය වෙනස් කිරීම, පළාත් සභා ක්‍රමය අහෝසි කිරීම සහ ජනතා ඡන්දයෙන් පත්කරන හෝ ආණ්ඩුවේ බලයට නතු නොවන සෙනෙට් සභාවක් පත්කිරීම යන කරුණු තුන කෙරෙහි අවධානය යොමු කරන ලෙස ‘උරුමයක උල්පත’ පදනමේ නිර්මාතෘ හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ ඉදිරි ජනාධිපතිවරණ අපේක්‍ෂකයන් සියලු දෙනාගෙන් ඉල්ලා සිටී.

අනාගත ශක්තිමත් ආණ්ඩු පාලනයක් සම්බන්ධයෙන් මෙම කරුණු පිළිබඳව සිය ස්ථාවරය පුරවැසියන් වෙත ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටින මොරගොඩ මහතා ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයේ මෙසේද දැක්වේ.

1.  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය අනුව දුබල ක්‍රියාකාරීත්වයකින් යුතු ව්‍යුහයකින් යුත් ආණ්ඩු පාලනයක් නිර්මාණය කර ඇති අතර පුරවැසියන් කෙළින්ම ඡන්දය දී පත්කරන විධායක ජනාධිපතිවරයාට නිසි බලයක් රහිතය. එහෙයින් පහත කරුණු කෙරෙහි අවධානය යොමු කළ යුතුය.

විනිවිද පෙනෙන හා සමබර පාලනයක් ඇති කරන විධායක ජනාධිපති ක්‍රමයක් වෙනුවෙන් 19 වැනි සංශෝධනය වෙනස් කළ යුතුව තිබේ. එයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍යය. නැතිනම්, නැවතත් 1977ට කලින් තිබුණ පාර්ලිමේන්තු ක්‍රමයට යා හැකිය. ස්ථාවර ආණ්ඩු පාලනයක් සඳහා පවතින සමානුපාතික නියෝජන ක්‍රමය ද වෙනස් කළ යුතු අතර එයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතිය හා ජනමත විචාරණයකින් අනුමැතිය ගැනීමට සිදුවිය හැකිය.

2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහතුන් වැනි සංශෝධනයෙන් ඇති කළ පළාත් සභා ක්‍රමය සුදු අලියෙකු බවට පත්ව ඇති අතර එය පුරවැසියන්ට වසරකට රු. බිලියන 250කට අධික බරක් පටවා තිබේ. රටට තවත් දේශපාලනඥයන්ගේ තලයක් අවශ්‍ය නැත. පළාත් පාලන ආයතනවල බලතල පුළුල් කිරීමෙන් පළාත් සභා රහිත ක්‍රමයක් යටතේ ජනතාවට ප්‍රයෝජනවත් වන සේ බලය බෙදා හැරිය හැකිය. එය රට පළාත් වශයෙන් බෙදීම වළකා සමාජ ඒකාබද්ධතාවයක් ඇති කරනු ඇත. අවශ්‍ය නම් පළාත් පාලන ආයතන ගණන වැඩි කරන්නට පුළුවන්කමක් තිබේ. මෙකී ප්‍රතිසංස්කරණය ශ්‍රී ලාංකිකයන් අපේක්ෂා කරන ප්‍රාදේශීය පාලනයක් සහිත දේශයක් බිහි කළ හැකිය. එයට අවශ්‍ය සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් කළ හැකිවේ. 

3. ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම අරමුණු කරගෙන ආගමික හා ජනවර්ගවලට සහභාගී විය හැකි හා සක්‍රීයව දායකත්වය දැක්වීමට ඉඩ ලැබෙන විශේෂිත සංසදයක් බිහි කළ යුතුව තිබේ. එය විශේෂයෙන් සම්පාදනය කළ සෙනෙට් මණ්ඩලයක් ඇති කිරීමෙන් කළ හැකි අතර සුළු ජන කොටස්වල අභිලාශ සාක්ෂාත් කරන හා සමාජ සංවර්ධන අවශ්‍යතා වෙනුවෙන් රටට අවශ්‍ය පදනමක් සකස් කරන ඵලදායී ක්‍රමයක් වනු ඇත. ජනතා ඡන්දයෙන් පත් කරන හෝ ආණ්ඩුවේ බලයට නතු නොවන වක්‍ර ආකාරයකින් සෙනෙට් සභාව පත් කරගත හැකිය. මෙම සංශෝධනය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර හෝ සමහර විට ජනමත විචාරණයක් අවශ්‍ය වේ.

ශ්‍රී ලාංකිකයන් ඉදිරියේ දී පවත්වන්නට නියමිත මැතිවරණ ගණනාවක ඡන්දය පාවිච්චි කරනු ඇති අතර ජනාධිපති ධුර අපේක්ෂකයන් හා අනෙක් ජාතික නායකයන් තමන් බලයට පත් වූ පසු බිහිකරන ආණ්ඩුවේ ව්‍යුහය ගැන සිය ස්ථාවරය පළ කිරීම ඉතාම වැදගත්ය. නොඑසේ නම් අද පවතින දුර්වල පාලනය ආකාරයේ ආණ්ඩුවක් අනාගතයේ දී රට තවත් අස්ථාවර තැනකට යොමු කරනු ඇත. 



අදහස් (8)

මීළඟ ජනපතිට බරපතළ කාර්යයන් තුනක්

Pradeep kumara Tuesday, 25 June 2019 05:28 AM

මේ කතාව සම්පුර්ණ ඇත්ත. එත් කව්ද දන්නේ මොන වගේ අදහස් කරන කෙනෙක් පත් වෙයිද කියල.

:       0       1

gamarala Tuesday, 25 June 2019 06:00 AM

මේ යෝජනා ඉතාමත්ම වැදගත් යෝජනා වේ.

:       0       1

Mahee Tuesday, 25 June 2019 06:06 AM

මහත්තයෝ, පැලැස්තර දාලා මේ ක්‍රමය වෙනස් කරන්න බැහැ. මේක මුළුමනින්ම ඉරලා විසිකරලා දාන්න ඕන.

:       0       1

Sanath Kandy Tuesday, 25 June 2019 06:11 AM

අලුත් ජනාධිපතිවරයෙක් පත්වනතුරු බලාගෙන සිටීමට අවශ්‍ය නැත. ජවිපෙ විසින් ඉදිරිපත් කර ඇති විසිවන සංශෝධනය සම්මත කරමු. එවිට විධායක ජනාධිපති දුරය අහෝසි කර 1977 ට පෙර පැවති ආකාරයේ අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට බලය හිමි ස්ථාවර රජයක් බිහි කර ගැනීමට හැකිවනු ඇත.

:       0       26

sharm warn Tuesday, 25 June 2019 06:18 AM

අංක 1 සහ 2 ට උඩින්ම එකඟයි. අංක 3 ගැන පැහැදිලි මදි.. නමුත් සමස්තයක් වශයෙන් පොදු ජනතාව ඉල්ලන බහුතර සහ රටට සුභදායි වෙනස මෙහි ඉදිරිපත් වීම ගැන සැහීමට පත්වෙන්න පුළුවන්.. පළාත් සභා නම් අහෝසි කල යුතුමයි ..

:       0       0

ලංකාපුත්‍ර Tuesday, 25 June 2019 09:07 AM

මෙවැනි ක්‍රමයක් ස්ථාපිත කලහොත් සාර්ථක අනාගතයක් හිමිවිය හැකිය. නමුත් පළාත්පාලන ආයතන ගණන ප්‍රාදේශිය ලේකම් කාර්‍යාල ගණනට වැඩි නොවිය යුතු අතර පළාත්සභා සුදු අලියා අහෝසිම කල යුතුය. මැතිවරණ ප්‍රකාශයේ පළාත්සභා අහෝසි කරනවා කියන කෙනෙකුට හැර ඉදිරි කිසිම මැතිවරණයකදී ඡන්දය නොදෙමු

:       0       1

රවින් Tuesday, 25 June 2019 09:43 AM

මීළඟ ජනාධිපතිට තියන පළවෙනි කාර්ය නම් සියලු දුශිතයින්ව එල්ලුම් ගසට යැවීම. නැතහොත් විශේෂ යුධ අධිකරණයක් ඉදිරියට පමුනවා මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම.

:       1       0

kamani Wednesday, 26 June 2019 09:01 AM

මෙයාගේ උපදෙස් අපිට ඕනේ නැහැ. මේ ඇවිල්ලා අපේ රටට කෝටි ගණනක ණය පොල්ලක් තිබ්බ ඇමෙරිකානු චර පුරුෂයෙක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 142 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 224 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1082 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site