


( ඡායාරූප හා වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා )
රට අස්ථාවර නොකර ජනතාවගේ කැමැත්ත විමසා බැලීම සඳහා වහාම මහ මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලා වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලය සංවිධානය කළ උද්ඝෝෂණයක් කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිටදී පැවැත්විණි.
දුම්රිය,වරාය,ලංගම, ඇතුළු රජයේ ආයතන ගණනාවකම සේවකයින් මේ සඳහා එක්ව සිටි අතර මේ හේතුවෙන් කොටුව දුම්රියපල ඉදිරිපිට ඕල්කට් මාවතේ කොළඹ දෙසට මාර්ගයේ එක් මං තීරුවක් අවහිර විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන ඉන්න බහුතරයක් රාජපක්ෂ ආණ්ඩුවේ ඇමතිලාට ගැතිකම් කොට සුදුසුකම් නැතිව රස්සා වලට රිංගගෙන පුටු රත්කරන කට්ටිය.
රට අස්ථාවර කලේ කවුද?
මහා මැතිවරණයක් තියන්න පුළුවන්... නමුත් නීත්‍යානුකූල රජයක් යටතේ
මේ රටේ ජනතාව 2015 අගෝස්තු මාසයේ තීන්දුවක් දුන්නා රජය වසර 5 ක් ගෙන යාමට. ඔවුන්ට අවශ්‍ය වුනේ නැහැ වසර 3කින් ඒ රජය අවසන් කිරීමට සහ නැවත වසර 3 කින් මැතිවරණයකට යාමට. 2015 අගෝස්තු මාසේ රජය පිහිටෙව්වේ වසර 5 කටයි. ඒ ජනතාව ද රට අස්ථාවර කලේ එහෙම නැතිනම් ඔවුන් පත් කල දේශපාලකයින්ද? ඒ අස්තාවරයට වග කියන්න වෙන්නෙත් ඒ ජනතාවටමද? මැතිවරණයකට බිලියන් ගණනාවක් යනවා කියා මැතිවරණ කොමසාරිස්ම කියනවා. ඒ සල්ලි දෙන්න වෙන්නෙත් මේ ජනතාවටමයි. මේ කාගේදෝ බළල් අත් වගයක් නේද?
ජනතාව කියන්නේ ඔහෙලා විතරක් නොවෙයි. අපිත් ඉන්නවා! අපිට මේ හොර ආණ්ඩුවක් යටතේ මැතිවරණයක් කොහොමටත් උවමනා නැහැ. ඇයි, මේ රට අගාධයට දාපු ජනාධිපතිට එරෙහිව පෙළපාලි නොයන්නේ? ඇයි, ජනාධිපතිවරණයක් නොඉල්ලන්නේ?
ඊට වඩා හොද නැද්ද තමන් වැඩ කරන ආයතන ලාභ ලබන තත්වයට ගන්න වැඩ පිළිවෙලක් සකස් කරන්න, පිං පඩි ගන්නේ නැතුව අපි දුක් මහන්සියෙන් හම්බ කරලා ගන්න මුදලින් ගෙවන බදු වලින්
මෙතන ඉන්නෙ සියලුම දෙනා දේශපාලනයෙන් රැකියාව ලබා ගත්ත අය... මෙයාලට දේශපාලන යථාර්ථයක් ගැන හැඟීමක් නෑ....
රටක ජනතාව පත් කරන පාර්ලිමේන්තුව අනුගමනය කල යතු නීති මාලාව ව්‍යවස්ථාව, එයට අනුකුලව පවත්වන්න ඡන්දයකට අපේ හදවතින්ම එකගෙයි, නැතිව මේ යන විදයට කවදාවත් අපට ස්ථාවර ආණ්ඩුවක් සාදාගන්නේ කොහොමද ?
ඔව්, ජනාධිපතිවරණයක් අවශ්‍යයි. මොකද, නැවත මහ මැතිවරණයකින් එතුමා කැමති අයට බහුතරය නැති වුනොත්.
ඔය මිනිස්සු කරන්න ඕන ඕව නොවේ, තමන්ගේ ආයතනවල සේවය ලබාගන්න එන අහිංසක මිනිස්සුන්ට හොද සේවයක් දෙන එක , වැඩි කතා ඕන නැහැ ඔතන ඔය කොටුව දුම්රියපළ ඇතුලේ ටිකෙට් බූක් කරන තැන ඉන්න මිනිස්සු , රජයේ සේවකයෝ , මිනිස්සුන්ට කතා කරන්නවත් දන්නවද , හරියට බල්ලන්ට වගේනේ කතා කරන්න්මේ , මොනවා හරි දෙයක් ඇහුවොත් , උත්තර දෙන්නේ එපා වාහෙට හොදි බෙදන්න වගේනේ , චන්දයක් ඕන අපට නොවේ රාජපක්සේ ආණ්ඩුවේ හිටිය හොරුන්ට , හොරුන්ට දඩුවන් නොදුන්නා එකේ ප්‍රතිපල අද නෙලගන්නවා නේද ගොයියෝ
මෙතන රාජපක්ෂට කඩේ යන පින් පඩි කාරයෝ ඉන්නේ. රස්සාවෙන් එලවල දැම්මානම් හරි, එතකොට මැතිවරණ ඉල්ලන්න ඉස්සරවෙලා ගන්න පඩියට වැඩ කරන්න පුරුදු වෙයි.
කට්ටිය මොකටද තව අවුරුද්දක් නොඉවසා ව්‍යවස්ථාවේ තියන සිදුරු හොයහොයා අාණ්ඩු පෙරලන්නේ. මැතිවරණ තියන්න හදන්නේ. රටට අාදරේටද? නෑ... විභාග වීමට නියමිත නඩු කනපිට හරවන්න හිතාගෙන. මේ වගේ බත් බැලයොයි. කටු ලොවින්නොයි, අන්ධ භක්තිකයොයි අර මහින්දලාට ඡන්දය දීපු බුද්ධිමත් මිනිස්සු පවා එ්ක දන්නවා පිළිගන්නවා. මේ කියන වගන්තියට අනුව ජනාධිපතිට ඊළඟ ඡන්දෙට පස්සේ එන අාණ්ඩුව වුණත් සතියකින් විසුරුවන්න පුළුවන්නේ...
වුර්ථීය සමිතිවල කාර්යභාරය රාජපක්සලාට කඩේ යන එක
මේ රටේබහුතරය දන්නවා මෙයාල තමන්ගේ රස්සාව හරියට කරන්නේ නෑ . මහා චන්දයක්තියන්නේ මෙයාලගේ අම්මගේ අප්පාගේ සල්ලි වලින්ද ? මෙයාලට කරන්න තියෙන්නේඉස්සෙලම තමන්ගේ මාසෙක පඩිය මැතිවරණයක් වෙනුවෙන් පුජා කරන්න.
ප්‍රශ්නය ජනාදිපති සහ ඔහුගේ බල තන්හාව , ජනදිපතිවරණයක් තමා අවශ්‍ය