(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මහ භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව දැනුවත් නොකරමින් පරිසර ව්‍යාපෘති හතරක් සඳහා රුපියල් කෝටි ගණනක් වටිනා ඍජු විදේශ මුල්‍යාධාර වියදම් කර ඇතැයි කියන සිද්ධියක් පිළිබඳ රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා කමිටුව) තොරතුරු අනාවරණයවී ඇත.
මෙසේ විනිවිදභාවයෙන් තොරව කටයුතු කිරීමෙන් විවිධ අක්‍රමිකතා සිදුවීමට ඇති ඉඩකඩ වැඩි බව විගණන අංශ ප්‍රධානීහු පවසති.
මෙම ව්‍යාපෘතිවලදී කිසියම්වූ මූල්‍යමය අක්‍රමිකතාවක් සිදුවූවාදැයි සොයා බලන බව විගණන දෙපාර්තමේන්තුව පවසයි.
ඇමරිකානු ඩොලර් මිලියන 9.96 ක් වටිනා පරිසර ව්‍යාපෘති තුනක් සහ යුරෝ මිලියන 1.86 ක් වටිනා පරිසර ව්‍යාපෘතියක් සෘජු මූල්‍යාධාර යටතේ මෙසේ ක්‍රියාත්මක වන බව හඳුනාගෙන ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසයි.
මෙම එකම ව්‍යාපෘතියක් පිළිබඳව හෝ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමට කටයුතු කර නොතිබූ බව පවසන එම කමිටුව ඉදිරියේදී මෙවැනි ආධාර ලැබීම සහ වියදම් කිරීම පිළිබඳව මහා භාණ්ඩාගාරය දැනුවත් කිරීමට කටයුතු කරන ලෙස පරිසර අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
මෙම තොරතුරු අනාවරණය වූයේ 2017, 2018 සහ 2019 මූල්‍ය වර්ෂ සඳහා විගණකාධිපති වාර්තාව සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා පරිසර අමාත්‍යාංශයේ නිලධාරීන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට කැදවූ අවස්ථාවේදීය.
මෙම කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගිය (19) වැනිදා රැස් විය.
මේ අතර රජයේ රෝහල්වල රසායනික අපද්‍රව්‍ය හා අන්තරායකාරී අපද්‍රව්‍ය පරිසරයට මුසුවීමෙන් සිදුවන පරිසර දූෂණය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම අවම මට්ටමක පවතින බව කෝපා කමිටුවේදී අවධානය යොමු වී ඇත.
මෙම අපද්‍රව්‍ය විනාශ කිරීමට ඇතැම් රෝහල්වල භාවිතා කරන උෂ්ණත්ව ප්‍රමාණ ඒවා විනාශ කිරීමට තරම් ප්‍රමාණවත් නොවන බවද විගණන අංශ කළ විමර්ශනවලදී තොරතුරු හෙළිවී ඇත.
මේ සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ ප්‍රධානීහු පරිසර අමාත්‍යාංශයේ නිලධාරින්ගෙන් ප්‍රශ්න කළහ.
ඒ සම්බන්ධයෙන් ක්‍රමවත් වැඩපිළිවෙලක් ආරම්භ කර ඇතැයි පරිසර අමාත්‍යංශයේ නිලධාරීහු මෙහිදී පැවැසූහ.
මීට අමතරව ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය කළමනාකරණය ක්‍රමවත්ව සිදු විය යුතු ආකාරය පිළිබඳවද, උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ සංවර්ධන කටයුතු සඳහා රජය අත්කරගත් ඉඩම්වල වන්දි මුදල් ආශ්‍රිත පොලී ගෙවීම් ගැනද, සුරකිමු ගංගා ජාතික පාරිසරික වැඩ සටහනේ වර්තමාන තත්වය පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.
මෙම කාරක සභා රැස්වීම රාජ්‍ය අමාත්‍යවරුන්වන දයාසිරි ජයසේකර, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන අශෝක අබේසිංහ, නිරෝෂන් පෙරේරා, ආචාර්ය හරිනි අමරසූරිය, වෛද්‍ය උපුල් ගලප්පත්ති, මෙහොමඩ් මුසම්මිල්, මහාචාර්ය රංජිත් බණ්ඩාර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.
2025 දෙසැම්බර් මස 04
72
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
355
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
367
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මහා භාණ්ඩාගාරයට හොරෙන් පරිසර ව්‍යාපෘතිවලට විදේශ මුදල් යොදවලා
පැරකුම් Sunday, 21 November 2021 09:55 PM
මේ කමිටු වලින් කවද්ද වැඩක් කෙරුනෙ? නිකං අපරාදෙ අපේ සල්ලි කනවා. කවදාවත් වැරැද්දක් හදලා තියනවද? කාට හරි දඩුවමක් කරල තියනවද?