(රංජන් කස්තුරි)
කිසියම් පුද්ගලයකු සතුව ඇමෙරිකා ඩොලර් හෝ වෙනත් විදේශ මුදල් තිබේ නම් ඒවාට ඩොලරයකට රුපියල් 210 බැඟින් ගෙවීමට පියවර ගන්නා බව ශ්‍රි ලංකා මහබැංකුව සඳහන් කරයි.
ඇමෙරිකා ඩොලර් 15000කට වඩා වටිනාකමකින් යුතු විදේශ මුදල්වලට එලෙස රුපියල් 10ක වැඩිමුදලක් ලබාදෙන බව ද මහා බැංකුව කියයි.
බැංකුවකින් හෝ බලයලත් මුදල් හුවමාරු ආයතනයකින් මිලට ගත්, පුද්ගලික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමකින් ආපසු ගන්නා ලද, විදේශ රැකියාවකින් උපයාගත් සහ විශේෂ තැන්පතු ගිණුම්වල තැන්පත් කිරීමට ශ්‍රී ලංකවට ගෙන එන ලද විදේශ මුදල් සඳහා එම වටිනාකම ලබාදෙන බව ද මහ බැංකුව කියයි.

COMMENTS
අපි අහුවෙයි ඕවාට...!
අපෙන් අඩු ගාණට ඩොලර් ගන්න යන්නේ, බෙබිලට රේස් පදින්න, රට රටවල ගිහින් ආතල් ගන්න වෙන්නැති. ඩොලර් ඕනෑනම් හරි අගයක් ගෙවන්න. නිකන් කුණු කොල්ලෙට ගන්නේ නැතුව...
අපි එළියෙන් ඩොලර් එකකට රුපියල් 235.00ක් ගන්නවා.
කෝ බයියෝ නැද්ද? ලැජ්ජාවේ බැ කවුරුත් දැන් සල්ලි එවන්නේ නැහැ
කළු කඩයෙන් 235, 240 දෙන්නත් පුළුවන් ඩොලර්...!
බලාගෙන ඉන්න එවනකල්..
300 ක් දෙනවා කිව්වත් උඹලාට දෙන්නේ නැහැ...
අපේ ඩොලරුත් ඉතින් අර පවුලේ ගිනුම් සහ පැන්ඩෝරා ගිනුම්වල තමයි තියෙන්නේ. ඕනෙම නම් ටිකක් ඉල්ලා ගන්න මම කිව්වා කියලා.
දාන්නම් ඩොලර්.
මෙතන දීලා තිබෙන ටෙලිෆෝන් අංකයට කතා කරලා විස්තර දැනගන්න... කිසිවෙක් රිසීවරය උස්සන්නේ නැහැ. හොඳවයින් දෙකක් කියලා ඊමේල් එකක් යැව්වා.
අපි ළඟ තියෙන ඩොලර් පිටරටකට සින්න වුනත් ඕගොල්ලොන්ට එවන්නේ නැත. අඩු කරන්න ඇමති මණ්ඩලය පහලවකට. අහෝසි කරන්න රාජ්‍ය ඇමතිවරු නියෝජ්‍ය ඇමතිවරු තනතුරු..
ඩොලර් අච්චු ගහන්න බැරිද?
නැහැ, අපි ලංකාවට ඩොලර් එවන්නේ නැහැ. සෑම දෙයක්ම එය නොමැති විට හෝ නොමැති විට රට පැත්තෙන් වැඩි වේ. ඩොලර් ද එසේමය. ඔබ ඩොලරයකට 250 කට වැඩි මුදලක් ගෙවිය යුතුය. දැනටමත් අපට මෙතැනින් වෙනත් ආකාරයකින් රුපියල් 230 ක් ලැබේ. එය පාවෙන ලෙස තබා ගන්න. එවිට ඔබට ඩොලර් ලැබෙනු ඇත. අපි අන්තිමට මිලියන භාගයකට වඩා ගනුදෙනු කළෙමු වෙනත් ආකාරයකින් මාස 3 යි.
මමනම් හිතන්නෙ රට පාලනය කරන මේ හොරුන්ට වඩා ඔය කියන කලු කඩකාරයො ළඟ ප්‍රතිපත්ති තියෙනවා. දිවහැරෙන හැරෙන පැත්තට කතා කරන මේ පාලකයොනම් ඩොලරයකට නෙමේ සතේකටවත් විශ්වාස කරන්න හොද නෑ..
අනේ හැබැටම මොලයක් නැද්ද? කවුද එක ඩොලරයකට රු.230 ක් හෝ 240 ක් ගන්න පුලුවන්කම තියෙද්දී 210 ට දෙන්නේ? කියන්න වචන නැහැ අප්පා. මේ මිනිස්සු මේ වගේ ලෝක විහිලු කරන්නේ නැතුව හිටියොත් හොඳයි නේද? රටේ වගකියන තැන්වල ඉන්න අයගේ ප්‍රායෝගික දැනීම බිංදුවත් නෙවෙයි ඝෘණ ගණන් වලින් යන්නේ...
මහා ලොකු අත්දැකීම් වලින් පරිපුර්ණ අධිපතියා.දැන් සාක්කුවටත් හදනවා.මෙහෙම අධිපති කම් කරන්න ළමයෙකුට උනත් පුළුවන්.අර පැන්ඩෝරා පෙට්ටියෙන් ගනිල්ලකෝ.ඒවා ඩොලර් නෙමෙයිද ?ඒවත් අපිට අයිති සල්ලි නේ