(වාරණ ආනන්ද ඉ. ජයකොඩි)
නිට්ටඹුව පොලිසිය විසින් රුපියල් කෝටියකට වඩා වැඩි වටිනාකමකින් යුතු කේරළ ගංජා තොගයක් හා අයිස් නමැති මත්ද්‍රව්‍ය තොගයක් සමග අත් අඩංගුවට ගෙන සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් බව කියන සැකකරුවන් සිව්දෙනා මේ මස 15 වන දින දක්වා නිට්ටඹුව පොලිස් ස්ථානයේ රඳවාගෙන වැඩිදුර පරීක්‍ෂණ පවත්වා අකරණයට වාර්තා කරන ලෙසට අත්තනගල්ල වැඩ බලන මහේස්ත්‍රාත් ජයසේකර රණසිංහ මහතා අද (09) පස්වරුවේ නිට්ටඹුව පොලිසියට නියෝග කළේය.
වේල්ලවීදිය කොළම 12 පදිංචිකරුවන් වන මාලපැලැන්දගේ ශාකනක මධුශංක පීරිස්, මාලපැලැන්දගේ අජිත් එරංග පීරිස්, රත්නපුර කහවත්ත මයිල්වානගම් පලනයන්ඩි හා වත්තල හැඳල බාල රවීන්‍ද්‍රන් උමේශ් යන සැකකරුවන් සිව් දෙනා එසේ රඳවා ගෙන වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වීමට නියෝග කෙරිණි.
නිට්ටඹුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක නලින් ද දිල්රුක් මහතා ප්‍රමුඛ එහි පොලිස් නිලධාරීන් පිරිසක් ඊයේ (08) අළුයම කළගෙඩිහේන හුණුපිටිය හා පස්යාල යන ස්ථාන තුනේදී පැය කිහිපයක් ඇතුළත කේරළ ගංජා කිලෝ දාහතරහමාරක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් හතලිස් දෙකක් සැමග සැකරුවන් සිව්දෙනා අත් අඩංගුවට ගෙන තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාවාරම්කාරයන් පුළුවන් ඉක්මනටම ගෙදර පිටත්කරන්න නීතීඥයින් වලිකනවා. නඩුවලින් නිදහස් කරගන්න පුළුවන් තරම් වෙරදානවා. මදුෂ්ට ඇප ලබාගන්න ඉදිරිපත් වෙච්ච නීතිඥයින් තාමත් යහතින් ඉන්නවද?