IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මහ කන්නයේ වී අස්වැන්න මිලට ගනියි

 (ජේ.කේ.එල්. චාමින්ද)

ගාල්ල දිස්ත්‍රික්කයේ  පළමු  වතාවට 2020/21 මහ කන්නයේ   ගොවින්ගේ වී අස්වැන්න මිලදී ගැනීම අද (30) වළහන්දූව යග්ගහවිල යායේදී සිදුකෙරිණි. ගාල්ල දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන දේපාර්තමේන්තුවේ  හා වී අලෙවි මණ්ඩලයේ මැදිහත්වීමෙන් වී මිලදී ගැනිම  සිදුකෙරිණි.

ගාල්ල දිස්ත්‍රික්කයේ  ගොවින්ගේ  වී අස්වැන්නෙන් වී කිලෝ ලක්ෂ 13ක් මිලදී ගැනීමට සැලසුම් කර ඇත. එහි සමාරම්භය සනිටුහන් කරමින්  සෞභාග්‍යයේ දැක්ම ‘කෘෂි නවෝදය‘ වැඩසටහන යටතේ යග්ගහවිල යායේ ගොවීන්ගේ වී අස්වැන්න මිලදී ගැනීම අද (30) වැවිලි කර්මාන්ත ඇමති වෛද්‍ය රමේෂ් පතිරණ හා පොහොර නිෂ්පාදන සැපයුම් රසායනික පොහොර කෘමිනාශක භාවිතා නියාමන රාජ්‍ය ඇමති නිතිඥ මොහාන් පී ද සිල්වා යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් සිදුකරණු ලැබීය. රජය මගින් සම්බා වී කිලෝවක් රුපියල් 52කට මුදලකට හා නාඩු වී කිලෝවක්  රුපියල් 50ක මුදලකට මිලදී ගනු ලැබේ.

 ගාල්ල දිස්ත්‍රික්කය තුළ එක් කන්නයකදී කුඹුරු අක්කර 33.500ක් වූ වැඩිම කුඹුරු අක්කර ප්‍රමාණයක් වගා කරනු ලැබූවේ මෙවර මහ කන්නයෙදී බැව් ගාල්ල දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස්  ජේ.ඩබ්ලිව්.එස්. ප්‍රියන්ජන් මහතා පැවසීය. පළමු වතාවට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා වී අලෙවි මණ්ඩලය මගින් ගොවීන්ගේ වී අස්වැන්න මිලදී ගැනීම සිදුකරනු ලබන බවද ඒ මහතා  සඳහන් කළේය.



අදහස් (2)

මහ කන්නයේ වී අස්වැන්න මිලට ගනියි

Bamunuarachchi Sunday, 31 January 2021 04:18 AM

රජයට වී නොදුන්නොත් පොහොර සහන දෙන්න එපා....

:       0       0

fairoos Sunday, 31 January 2021 07:27 AM

ගැසට් ගැහුවේ නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 13 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site