




(නිමල් ජයරත්න)
මහවැලි ගඟේ සැඬ පහරට හසුව ගසාගෙන ගිය අලි පැටවකු අද(18) මනම්පිටියේ වැලි ගොඩ දමන කම්කරුවෝ පිරිසක් බේරාගෙන වනජීවි නිලධාරීන්ට බාරදුන්හ.
ගල් මුල් වල ගැටී සීරීම්වලින් තුවාල ලබා සිටි මෙම අලි පැටවා සති දෙකක පමණ වයසැතිය.
අලි රංචුවෙන් අතරමංව මහවැලි ගඟේ ගසාගෙන එන්නට ඇති බවට සැකකරන අලි පැටවා මනම්පිටිය වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගිරිතලේ පශු වෛද්‍ය කාර්යාලයට බාරදුන් බව පොළොන්නරුව අඩවි ආරක්ෂක පී. ඩී. එස්. ශාන්ත මහතා පැවසීය.
COMMENTS
තෙරුවන් සරණයි ඔබලාට මහත්වරුනේ..
දැන් ඉතින් කවුරුහරි උස්සයි මේ සතාව.
වාසනාවන්ත අලි පැටවෙක්. තුණුරුවන් සරණයි ඔබට.
පිටේ නම් කොටලා තිබුනේ නැතිද දන්නේ නැහැ.
මෙයාට අම්මා හොයලා දෙන්න පුළුවන් නම්.
වැලි ජාවාරම් කාරයෝ නිසා හොදකුත් වූනා එහෙනම්
වැඩේ ඉතාම අනර්ඝයි. පැටියව නයිලෝන් ලනුවෙන් බැඳලා අල්ලන් ඉන්න හැටි දැක්කාම දුකත් හිතෙනවා. මිට වඩා හොඳ ක්‍රමයක් නැද්ද පැටවා අල්ලලා තියාගන්න ?
සල්ලි තියෙන අයට අලි පැටව් හදාගන්න දෙන්න. පන්සල් දේවාල වලට දෙන්න. ඒ සතුන් කාලා බීලා ඉන්නවා. නැත්නම් කැලේ ඉදලා නිකම් මැරිලා යනවා. හක්කපටස් එකකට හරි වස විසකට හරි බොරු මනස්ගාත ඕනේ නෑ. අලි ඇත්තු හදන මිනිස්සු ඉතා ආදරෙන් ඒ සතුන්ව හදනවා. කැලේ හිටියොත් කාටවත් නෑ.
අසරන වුන චුටි " දැවැන්තයෙක් ".මම අහලා තියෙනවා මේ අලි චුට්ටෝ හරිම විසේකාරයොයි කියලා. ඒ වගේම තමන්ගේ රැළේ ඉන්න ටිකක් ලොකු අයියලා අක්කලා එක්ක දුවමින්,පෙරළෙමින් සෙල්ලම් කරන්න හරිම කැමතියිලු. චුටි ළමයින් සමගත් ඉක්මනින්ම මිතුරු වෙනවාලු. ඒ සෙල්ලම් කාලයේදී මිනිසාත් සතාත් කියලා වෙනසක් නැති නිසා. ඒ වගේමයි ඒ ජාන අපි දෙගොල්ලොගෙම නොනැසී තියෙනවා. කැලෑවෙදී අලිපැටව් හමුවුනොත් ඒගොල්ලෝ හුරතල් කරන්න එපා - මග හැරලා යන්න " කියලා විශ්‍රාමලත් වනජීවී නිලධාරී මහත්මයෙක් අපි කුඩා කල අපිට උපදෙස් දුන්නා. මොකද අපි එයාව සෙල්ලමට ගත්තොත් එයා අපිත් එක්ක යන්න අපේ පස්සෙන්ම එනවාලු. එහෙම වුනොත් එයාගේ දෙමව්පියෝ එයව හොයාගෙන ඉව ඔස්සේ එනවාලු. කාලයකට ඉස්සර කැලෑව අසල ගමක එහෙම සිදුවුනාලු. කුඩා ළමයින් අලි පැටියව ගෙදරටම එක්කන් ඇවිත් ළමයින්ගේ දෙමව්පියන්ටත් හොරෙන්.එදා රෑ අලි මව්පියන් ගමට ඇවිත් ඒ ගෙදර විනාශ කලාලු. දැන් ඉතින් මෙයාව වනජීවී මහත්වරු ඇත් අතුරු සෙවනට යවලා ලොකු මහත් කරලා ටිකෙන් ටික කැලෑවට හුරු කරලා නැවතත් එයා අයිති වනයටම යවාවි. ඇත්ත ඒ අපේ පරණ ඥාතියෙක්. අපි ඒගොල්ලන්ව අමතක කරලා පරිණාමය වුනාට අපි අපි අතර ගුණ සුවඳ එහෙමමයි.
හොද වැඩක්. ස්තූතියි.
ඉතාම ලස්සන කමෙන්ට් එකක් විජිත්. ඔබට ස්තුතියි.