(ක.ග.කරුණාරත්න)
අධික වර්ෂාව හේතුවෙන් මහවැලි ගඟ පිටාර ගැලීම නිසා පොළොන්නරුව සෝමාවතිය ප‍්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයක් අද(20) ජලයෙන් යටවී ඇතැයි පුලස්තිපුර පොලීසිය කියයි.
සෝමාවතිය පූජාභූමිය ආසන්නයේ පිහිටි ඉපැරණි සෙල්ලිපිගල අවට අඩි දෙකකට වඩා වැඩි ජලමට්ටමක් පවතින හෙයින් සුංගාවිල පෙරියආරු පාලමේ සිට සෝමාවතිය පුදබිම තෙක් රථ වාහන ධාවනය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත්බව පොලීසිය සඳහන් කරයි.
මහවැසි තවදුරටත් පවතින නිසා මාර්ගයේ ජල මට්ටම තවදුරටත් ඉහළ යා හැකි බවද පොලීසිය කියයි.
එමනිසා ගංවතුර තත්වය නොසලකා එම මාර්ගයේ අවදානම් සහිත ගමනාගමන නොයෙදෙන ලෙස පොලීසියෙන් රියැදුරන්ට අවවාද කෙරේ.
(ඡායාරූප - ක.ග.කරුණාරත්න)


(ඡායාරූප - ඩබ්. ඒ.පියතිලක)



2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
748
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මහවැලි ගඟ පිටාරගැලීමෙන් සෝමාවතිය ප්‍රධාන මාර්ගය යටවෙයි