
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධියෙන් මිය ගිය රැඳවියන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකළ විශේෂඥ අධිකරණ වෛද්‍ය හඳුන් විජයවර්ධන මහතා විසින් ඩී එන් ඒ පරීක්ෂණ සඳහා එම රැඳවියන්ගේ රුධිර හා කෙස් සාම්පල ලබාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.
ඊටඅමතරව සියලුම මෘත ශරීරවල ඡායාරූප හා ඇඟිලි සලකුණු ලබා ගෙන ඇතිබව ද ඒ මහතා කීය.
ඒවා ලබාගෙන ඇත්තේ පසුකාලීනව හෝ ඕනෑම අවස්ථාවක හඳුනා ගැනීමට බවද, මෘත ශරීර කාගේදැයි නිශ්චය කර ගැනීම සඳහා අවශ්‍ය සියලුම දත්ත මේ වන විට ලබා ගෙන ඇතැයිද නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය.
මෘත ශරීර 7ක් හඳුනාගෙන ඇතැයි ද 4 ක පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කර තිබෙන බවද එකම මළ සිරුරක් හෝ ආදාහන කිරීමක් හෝ වැළලීමක් සිදුකර නොමැති බවද ඒවා රාගම රෝහලේ අධිශීතකරණ වල සුරක්ෂිතව තැන්පත් කර තිබෙන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
මහර සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් 146 දින පුද්ගල ප්‍රකාශ ලබා ගෙන ඇතැයි ද ඒ අනුව වෛද්‍යවරුන් 12 දෙනකු ,බන්ධනාගාර නිලධාරීන් 54 දෙනකු ,හෙද නිලධාරින් 7 දෙනකු හා රැඳවියන් 73 දෙනකුගේ ප්‍රකාශ ලබාගෙන ඇතැයි ද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
30
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහර සිද්ධියෙන් මියගිය රැඳවියන්ගේ සිරුරු ඩී.එන්.ඒ. පරීක්ෂණයට