(ටෝනි කරුණානායක)
මහර බන්ධනාගාර ගැටුමේදී කලහකාරී ලෙස හැසිරීම ඇතුළු තවත් චෝදනා සම්බන්ධයෙන් වරද පිළිගත් රැදවියන් 63 දෙනෙකුට ගම්පහ අංක 02 දිසා අධිකරණයේ දිසා විනිසුරු රවින්ද්‍ර රංජන් බණ්ඩාර මහතා අද (02) මාස 02 ක ලිහිල් සිරදඬුවම් නියම කළේය.
බන්ධනාගාර ආඥා පනත ප්‍රකාරව රැඳවියන් 68 දෙනෙකුට විරුද්ධව ගොණු කර ඇති චෝදනා, ගම්පහ අංක 02 දිසා විනිසුරු රවින්ද්‍ර රංජන් බණ්ඩාර මහතා අද (02) මහර බන්ධනාගාරයට ගොස් කියවා දීමෙන් සහ රැඳවියන් 63 දෙනෙකු වරද පිළිගැනීමෙන් අනතුරුව මෙසේ ලිහිල් සිරදඬුවම් නියම කර තිබුණි.
ඉදිරිපත් කර ඇති චෝදනා රැඳවියන් 05 දෙනෙකු ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එම රැඳවියන් 05 දෙනා වැඩිදුර නඩු විභාගය සඳහා ලබන 08 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයට පත් කර ඇත.
චෝදනා පිළිගත් තවත් රැඳවියන් 50 දෙනෙකුට ඉකුත් 26 වෙනිදා මාස 02 ක ලිහිල් සිරදඬුවම් නියම වූ අතර රැඳවියන් 12 දෙනෙකු චෝදනා ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් නඩු විභාගය සදහා ලබන 08 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයට පත් කෙරුනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd