IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මහර බන්ධනාගාරයේ හදිසි සෝදිසියක්

 


(කවිතා සුබසිංහ) 

මහර බන්ධනාගාරයේ සියලුම සිරමැදිරිය ආවරණය වන පරිදි සිදුකරන ලද හදිසි සෝදිසි කිරිමකදී ක්‍රියා විරහිත ජංගම දුරකථනයක් අත්අඩංගුවට ගත් බව මහර බන්ධනාගාරය කියයි.

සැකකරුවන් රඳවා සිටින අංශයෙන් හමු වු මෙම ජංගම දුරකථනයේ සිම්පතක් ඇතුළත් කර නොතිබු බවද මහර බන්ධනාගාරය සඳහන් කරයි.

මහර බන්ධනාගාරයේ සේවයේ නියුතු ජේලර්වරුන් හා නියාමක නිළධාරින් ඇතුළු නිළධාරින් 100 දෙනෙකු යොදවා මෙම හදිසි සොදිසි මෙහෙයුම සිදු කළ බව බන්ධනාගාරය කීය.

මහර බන්ධනාගාර අධිකාරි ජගත් චන්දන වීරසිංහ මහතාගේ උපදෙස් හා අධික්ෂණය පරිදි සහකාර බන්ධනාගාර අධිකාරි ජගත් දිසානායක , ප්‍රධාන ⁣ජේලර් සුභාෂ් උපුල්දෙණිය යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් සති අන්තයේ සේවය සදහා කැදවා තිබු නිළධාරින් පිරිසක් පෙර දැනුම්දීමකින් තොරව මෙම හදිසි සෝදිසි කිරිම සදහා යොදවා ඇත. 

දැනට ක්‍රියාත්මක දැඩි ආරක්ෂිත වැඩපිළිවෙළ හේතුවෙන් ජංගම දුරකථන ඇතුළු තහනම් ද්‍රව්‍ය වලින් තොර කලාපයක් බවට මහර බන්ධනාගාරය පත්ව ඇති බවත් ඒ හේතුවෙන් රැදවියන් බැලීම සදහා පැමිණෙන ඥාතීන් පවා විවිධ සුක්ෂම ක්‍රම ඔස්සේ තහනම් ද්‍රව්‍ය රැදවියන් වෙත ලබාදීමට උත්සාහ කර අත්අඩංගුවට පත්වු අවස්ථාව ද වාර්තා වූ බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි. 



අදහස් (3)

මහර බන්ධනාගාරයේ හදිසි සෝදිසියක්

kamal Monday, 06 July 2020 05:24 AM

එන්න කළින් සිම් එක හංගන්න ඇති.. මොකක හරි එක දෙයක් අහුවෙන්න තිබ්බාම හැමෝම සන්තෝසයි. වැටලීම සාර්ථකයි. එළ එළ...

:       10       36

Amith Monday, 06 July 2020 07:23 AM

හොරාගේ... අම්මාගෙන් පේනඇසීම...

:       0       5

Jeewan Monday, 06 July 2020 08:42 AM

"මහර බන්ධනාගාරයේ සේවයේ නියුතු ජේලර්වරුන් හා නියාමක නිලධාරීන් ඇතුළු නිලධාරින් 100 දෙනෙකු යොදවා මෙම හදිසි සෝදිසි මෙහෙයුම සිදුකළ බව බන්ධනාගාරය කීය." මේ කොටස දකිද්දී හිනා ගියේ මට විතර ද?

:       0       40

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 11 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site