
(රොමේෂ් මධුෂංඛ)
කිලිනොච්චිය, පලෙයි මුහමාලෙයි ප්‍රදේශයේ මිනිස් අස්ථි හා ආයුධ කොටස් හමු වූ ස්ථානයේ ඊයේ සහ අද (23) දිනයන්හි කළ තවත් කැණීමකදී එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත් නිලඇඳුම්, බෝම්බ, එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක ප්‍රභාකරන්ගේ ඡායාරූපයක්, ආයුධ හා මිනිස් අස්ථි කොටස් බවට සැකකෙරෙන අස්ථි කිහිපයක් හමු වූ බවට කිලිනොච්චිය පොලීසිය පවසයි.
පසුගිය මැයි 22 වැනිදා අදාළ ස්ථානයේ බිම්බොම්බ ඉවත් කිරීමේ කටයුතුවල නිරත රාජ්‍ය නොවන සංවිධානයකට කොටි සංවිධානය සතු නිලඇඳුම් හා ගිනි අවි කොටස් කිහිපයක් සමගින් මිනිස් අස්ථි කිහිපයක්ද හමු වී තිබිණි. පසුව කිලිනොච්චි මහෙස්ත්‍රාත් ටී. සර්වනරාජා මහතාගේ ප්‍රධානත්වයෙන් මැයි 26 වැනිදා සහ ජුනි 2 වැනිදා අදාල ස්ථානයේ පළමු සහ දෙවන අදියරේ කැණීමට කිලිනොච්චිය පොලීසිය විසින් පියවර ගනු ලැබීය.
එම කැනීම්වලදී ද යුද උපකරණ රැසක්, කොටි සාමාජිකයින්ගේ නිලඇඳුම් හා අස්ථි කොටස් කිහිපයක් හමු විය.
කරන ලද කැනීම්වලදී අත් බෝම්බ තුනක්, ටී.56 ගිනිඅවියක්, කොටි සාමාජිකයින් පළඳින සයිනයිඩ් කරලක්, ගෙලෙහි පළඳන ටැග් එකක්, එම සංවිධානයේ නිලඇඳුම් කිහිපයක්, කොටි නායක ප්‍රභාකරන්ගේ ඡායාරූපයක් හා මිනිස් අස්ථි බවට සැකකෙරෙන අස්ථි කොටස් කිහිපයක් හමු වී ඇත.
අද දිනයේ ද වැඩිදුරටත් කැණීම් කරන බව පරීක්ෂණ සිදුකරන කිලිනොච්චිය පොලීසිය වැඩිදුරටත් පැවසීය.




2025 දෙසැම්බර් මස 30
151
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
770
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
376
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මුහමාලෙයිහි වළ දැමූ නිලඇඳුම්-බෝම්බ-ප්‍රභාකරන්ගේ ඡායාරූප හමුවේ