IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මුහමාලෙයිහි වළ දැමූ නිලඇඳුම්-බෝම්බ-ප්‍රභාකරන්ගේ ඡායාරූප හමුවේ

(රොමේෂ් මධුෂංඛ)

කිලිනොච්චිය, පලෙයි මුහමාලෙයි ප්‍රදේශයේ මිනිස් අස්ථි හා ආයුධ කොටස් හමු වූ ස්ථානයේ ඊයේ සහ අද (23) දිනයන්හි කළ තවත් කැණීමකදී එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත් නිලඇඳුම්, බෝම්බ, එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක ප්‍රභාකරන්ගේ ඡායාරූපයක්, ආයුධ හා මිනිස් අස්ථි කොටස් බවට සැකකෙරෙන අස්ථි කිහිපයක් හමු වූ බවට කිලිනොච්චිය පොලීසිය පවසයි.
 
පසුගිය මැයි 22 වැනිදා අදාළ ස්ථානයේ බිම්බොම්බ ඉවත් කිරීමේ කටයුතුවල නිරත රාජ්‍ය නොවන සංවිධානයකට කොටි සංවිධානය සතු නිලඇඳුම් හා ගිනි අවි කොටස් කිහිපයක් සමගින් මිනිස් අස්ථි කිහිපයක්ද හමු වී තිබිණි. පසුව කිලිනොච්චි මහෙස්ත්‍රාත් ටී. සර්වනරාජා මහතාගේ ප්‍රධානත්වයෙන් මැයි 26 වැනිදා සහ ජුනි 2 වැනිදා අදාල ස්ථානයේ පළමු සහ දෙවන අදියරේ කැණීමට කිලිනොච්චිය පොලීසිය විසින් පියවර ගනු ලැබීය.
 
එම කැනීම්වලදී ද යුද උපකරණ රැසක්, කොටි සාමාජිකයින්ගේ නිලඇඳුම් හා අස්ථි කොටස් කිහිපයක් හමු විය.
 
කරන ලද කැනීම්වලදී අත් බෝම්බ තුනක්, ටී.56 ගිනිඅවියක්, කොටි සාමාජිකයින් පළඳින සයිනයිඩ් කරලක්, ගෙලෙහි පළඳන ටැග් එකක්, එම සංවිධානයේ නිලඇඳුම් කිහිපයක්, කොටි නායක ප්‍රභාකරන්ගේ ඡායාරූපයක් හා මිනිස් අස්ථි බවට සැකකෙරෙන අස්ථි කොටස් කිහිපයක් හමු වී ඇත.
 
අද දිනයේ ද වැඩිදුරටත් කැණීම් කරන බව පරීක්ෂණ සිදුකරන කිලිනොච්චිය පොලීසිය වැඩිදුරටත් පැවසීය.



අදහස් (0)

මුහමාලෙයිහි වළ දැමූ නිලඇඳුම්-බෝම්බ-ප්‍රභාකරන්ගේ ඡායාරූප හමුවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 70 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 137 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 935 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site