
(එෆ්.අස්ලම්)
පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී දෙමළ ජාතික සන්ධානයට මුහුණ දීමට සිදුවූ පසුබෑම පිළිබද සොයා බැලීම සදහා ස්වාධීන කමිටුවක් පත් කිරීමට ඉලංකයි තමිල් අරසු පක්ෂය තීරණය කර තිබේ.
ලබන 29 වනදා වව්නියාවේ දී පැවැත්වෙන තමිල් අරසු පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම කමිටුව පත් කිරීමට තීරණය කර ඇත්තේ ඊයේ(15) දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතාගේ ත්‍රීකුණාමලය නිවසේ දී රැස්වූ ඉලංකයි තමිල් අරසු කච්චි පක්ෂයේ දේශපාලන මණ්ඩල රැස්වීමේ දීය.
මෙලෙස පත් කිරීමට යෝජිත කමිටුව මගින් දෙමළ ජාතික සන්ධානයට පසු බෑමට ලක්වීමට වූ හේතුකාරණා පිළිබද වාර්තාවක් කැදවීමට නියමිත බව ඉලංකයි තමිල් අරසු කච්චි පක්ෂයේ ආරංචි මාර්ග සදහන් කරයි.
COMMENTS
ඔයාලා ඒ කාලේ බොරු කියලා, සාමාන්‍ය සමාජයෙන් ඈත්කරලා දෙමල මිනිස්සුන්ව අන්දගෙන හිටියට, තවදුරටත් එහෙම කරන්න බැරි බවයි ඕකෙන් ඔප්පු වෙන්නේ, ලංකාව වගේ පොඩි රටක් කොහෙවත් යන කාලකන්නි ටිකකගේ වුවමනාවට කෑලිකෑලිවලට කඩනවාට අකමැති කියන එකයි මේකෙන් කියන්නේ... වලපයයි, ගොඩපයයි තියන් බලයේම ඉන්න දඟලන අයට ගෙදර යන්න කල් හරි කියන එකයි මේකෙන් කියන්නේ, ඊලමේ පුරවැසියෙක් වෙන්න හිටිය අයට අන්තිමට වෙන්නෙ ශ්‍රී ලංකා භූමියේම වැලලෙන්න, වීසා නැතුව. අහිංසක මිනිස්සුන්ට පාඩුවෙ ඉන්න දීලා, අලුත් පරපුරට දේශපාලනය බාරදීලා, සැපේ ඉන්න ලොක්කා තවත් නිකං පව් නොදී...
ඒ ගොල්ලන්ගේ ඒ ගොල්ලන්ගේ සටන් අපිට අදාළ නැත...
කමිටු වැඩක් නැහැ. කණ්නාඩියක් ඉස්සරහට ගිහිල්ලා පහුගිය අවු 5ට කලේ මොකක්ද කියලා කිව්වා නම් හරි. ජාතිවාදය ඇවිස්සීම විතරයි කලේ. සුමන්තිරන්ට තිබෙන වත්කම් ටික බැලුවා නම් හරි...