( රංජන් කස්තුරි )

අපනයනය මගින් උපයන මුදලින් සියයට 10ක ප්‍රතිශතයක් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය යුතු යැයි ශ්‍රී ලංකා මහ බැංකුව අපනයනකරුවන්ට නියෝගයක් පනවා තිබේ.

අපනයන සඳහා ලැබෙන ආදායම ඇමරිකන් ඩොලර් වලින් ලැබෙන අතර ඒවා ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා අපනයනකරුවන්ට මාස 06ක කාලයක් නීතියෙන් හිමි වෙයි.

එහෙත් රටතුල දැනට පවතින ඩොලර් හිඟයට පිළියමක් ලෙස ශ්‍රී ලංකා මහබැංකුව තීරණය කර ඇත්තේ අපනයන මගින් ලැබෙන මුදලින් සියයට 10ක ප්‍රතිශතයක් දින 30ක් ඇතුළත ශ්‍රී ලංකා රුපියල් ලෙස පරිවර්තනය ලෙස අපනයනකරුවන්ට නියෝගයක් නිකුත් කිරීමටය.

මීට පෙර අපනයන ආදායමෙන් සියයට 25ක් දින 14 ඇතුළත රුපියල් බවට පරිවර්තනය කරන ලෙස මහබැංකුව අපනයනකරුවන්ට නියෝග කර තිබූ අතර එය මෙවර සියයට 10ක් ලෙස සංශෝධනය කර තිබේ.