(මුදිතා දයානන්ද)
අධිකරණ තීන්දුත් නොසලකා තවදුරටත් හිතුවක්කාරි ලෙස කටයුතු කරමින් රට අරාජික කරන්න ජනාධිපති හා මහින්ද කල්ලිය සූදානම් නම් ඔවුන් නොසිතන පන්නයේ පරාජයක් අතපත් කරදෙන්න මහපාරේ සටන දියත් කරන්න අපි සූදානම් යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර දිසානායක මහතා අද (03) පැවසීය.
ඔහු මේ බව පැවසුවේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
‘‘ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් කීපයක් දැන් අධිකරණවලින් අත්හිටුවා තිබෙනවා. පාර්ලිමේන්තුව විසුරුවාහැරීම, මහින්ද රාජපක්ෂ අගමැති ලෙස පත් කිරීම හා කැබිනට් මණ්ඩලය පත් කිරීමේ ගැසට් පත‍්‍ර තුනම මේ වෙනකොට අත්හිටුවා තිබෙනවා. ඒ නිසා ජනාධිපති නීතියට පටහැනිව කටයුතු කරන නායකයෙක් බව දැන් ඔප්පු කර හමාරයි.
අපි ජනාධිපති සිරිසේන මහත්තයාට මතක් කරනවා තවත් හිතුවක්කාර නොවී පාර්ලිමේන්තුව විසුරුවාහැරීම ඇතුළු මේ අභියෝගයට ලක්වූ ගැසට් පත‍්‍ර අවලංගු කර පාර්ලිමේන්තුවේ බහුතරය පිළිගන්නා අගමැතිවරයෙක් හා කැබනට් මණ්ඩලයක් පත් කර පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරයේ කැමැත්තෙන් මහමැතිවරණයකට යන ලෙස. මේ කිසිවක් නොසළකා හැර තමන්ගේම මතයක සිට තවදුරටත් ජනාධිතිවරයා කටයුතු කරන්නේ නම් ඔහු කිසිදිනක නොසිතන පන්නයේ පරාජයක් අත්පත් කරදෙන්න අපි සූදානම්. ජනතාවත් සමඟ මහපාරේ සටන පටන් ගන්න අපි සූදානම්.
මහින්දත් රනිලුත් පාර්ලිමේන්තුවේදි හොර රහසේ හමුවී කරට අතදාගෙන මේ ප‍්‍රශ්න ගොඩින් බේරගෙන අවසන් කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ. මේ රාජ ද්‍රෝහි ජනතා ද්‍රෝහි කුමන්ත‍්‍රණය අපි පරාජය කළ යුතුයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා ..!!!
අනිවාර්යෙන්ම කල යුතු දෙයක් .. ජයවේවා !!!
හෝව් හෝව් පාරට බැහැලා ගෝෂා කොරන්න ගිහින් ගුටිකන්න ලැහැස්ති වෙන්න එපා. උසාවිය නීතියට අනුව තීන්දුව දුන්නත් රටේ ජනතාවගේ කැමැත්ත අවශ්‍යතාවය මොකක්ද ඔබලා හොඳාකාරවම දන්නවා නේද. ජනතාව කිසිවිටෙකත් ඔබලාගේ පසුපස නොඑනබව මතක තියාගන්න. කිසිම දිනක අපි ඡන්දය දෙන්නේ නැත?
මෙයාලා හැමදාම මහපාරේ තමා. ලොකු සද්ද දාගෙන පටන් ගන්නවා. අන්තිමේට මොකුත් නැහැ. අපි රනිල්ට නැහැ කිව්වට කෙරුවාව එක එහෙම නෙවේ කියල අපිට තේරෙනවා.
නොසිතන පරාජයක් ලැබෙන්නේ ඔහෙලට. මෙපමණ සේවයක් කල මහින්ද පරදවා රටට කිසිම සේවයක් නොකර රටේ දේපල කොමිස් ලබාගන්න පිටරැටියන්ට ලබාදෙන එවුන්ට බලය ලබා දෙනවානම් ඒ සිංහලය සම්මජයෙන් අතුගා දැමිය යුතුයි.
අපිටත් ඔබලාව මහපාරේ ඇදගෙන යන කාලයක් ඒවි .
අනේ නිකං ඉන්න මහත්තයෝ. ඔයාල සටන් කරපු කාලෙ දැන් ඉවරයි. ඊලඟ මැතිවරණයෙන් ඔයාල කැලේටම අරිනව. අපිත් හිටපු හොද ජේවීපී කාරයො. ඒත් දැන් ඒව අතීතයට ගිහිල්ල ඉවරයි. විජේවීරට තමුන්ලා කරපු මේ අපහාසයට වන්දි ගෙවන්න ලෑස්ති වෙන්න.
කරුණාකරලා කරන සටනක් කරන්න පාරේ නැත්නම් ඕන තැනක, හැබයි නිවාඩු දවස්වල. නැත්නම් ඔයගොල්ලෝ කරන සටන් වලින් දුක් විඳින්නේ අපි. වැඩ ඉවර වෙලා ගෙදර යාගන්න විදිහක් නැතුව හරි අපේ වැඩක් කරගන්න වෙලා ගියාම පාරේම රස්තියාදු වෙලා.
අධිකරණ තීන්දුවට ගරුනොකරන මොහු ගැන ජාත්‍යන්තරය දැනුවත් කරන්න .
ව්‍යස්ථාව උල්ලංඝනය කරමින් පාර්ලිමීන්තු තීන්දු පිළිනොගනිමින් හිතුවක්කාර පාලනයකට මුල පුරන ජනාධිපතිවරයාට මගේ විරෝධය.
මහපාරේ නොවේ කැලේ සටන් කරත් දැන් ඔය ඩොලර් ගේම මුළුරටම දන්නවා මෙදාපාර ගෙදර තමා.
මීට කලින් ඕව මතක් උනේ නැද්ද?
බය නැතිව යන්නකෝ ඡන්දෙට අලියාගේ නැට්ටේ එල්ලිලා. පසුගිය අවුරුදු 3 ට රටේ කෘෂිකර්මාන්තය කාලා දැම්මා, මහබැංකුව කොල්ලකාලා, රාජ්‍ය දේපල තුට්ටු දෙකට විකුණලා දමද්දී කොහෙද හිටියේ.
සතියේ දවස් වල නම් කරන්න එපා. රථවාහන තදබදය වැඩි වෙයි.
අනේ යන්න මෙයා යන්න. බොර දියේ මාළු බාන්න එන්නේ නැතුව. ඔබතුමා මෙච්චර කල් විපක්ෂේ කටයුතු කරපු හැටි දෙන තමයි පෙන්නේ. හැංගි හැංගි වෙස් බැන්දත් නටන්න වෙන්නේ එළිපිට කියන්නේ ඕකට තමයි.
ලියලා තියන අදහස් දැක්කම හිතෙනවා කොච්චර ගුණමකුවෝ ඉන්නවද කියලා. හරිදේ නෙමෙයි තමන්ගේ කැමැත්ත විතරමයි. ජනාධිපති ඒකාධිපති පාලනයක් ගෙනිච්චත් ප්‍රශනයක් නැහැ ඒ අයට.
පසුගිය ඔක්තොම්බර 26 දින සිට හරියමන් ආණ්ඩුවක් නොතිබුනත් රටේ එදිනෙදා ක්‍රියාදාමයන් හරිහැටි ක්‍රියාත්මක විය. එයින් පෙනෙන්නේ මේ පාර්ලිමේන්තු මෝඩයින් 225 ම සහ පළාත්සභා, ප්‍රාදේශීය සභා සියලු දෙනාත් පන්නා දමා, තනි දෘඪ, අවංක පුද්ගලයකුට රටේ පාලනය බාර දිය යුතුය යන්නයි.
බමුණු දවල් හීන දකිනවා.
බමුණා දවල් හීන දකිනවා.
ඊළඟ ඡන්දෙන් පස්සේ කොහොමත් ඔයාලා මහා පාරේ සහෝදරයෝ
ඉස්සරහට පාරෙම තමයි ඉන්න වෙන්නෙ. දැන්ම පුරැදු වෙන ඒක හොදයි.
ගොන්නු ඉතින් ඇදගෙන යන්න බැහැනේ. එ්ක නිසා බමුණු දක්කාගෙන තමයි යන්න වෙන්නේ...