
ඩබ්ලිව්.ඒ. අසේල
මහනුවර , හාරගම, අනුරගම ,දිගන සහ අඹකොටේ යන ප්‍රදේශවල අද (18) උදෑසන භූ චලනයක් සිදුවී තිබේ.
ප්‍රදේශවාසින් පවසන්නේ උදෑසන පොළව යටින් විශාල ශබ්දයක් ඇතිවූ බවත් ඒ සමගම නිවාස සෙලවී ගිය බවත්ය.
ඔවුන් පවසන්නේ විනාඩි දෙකක් පමණ මෙම සෙලවීම තිබුණු බවත් නිවාසවල වහලවල් වීදුරු ජනෙල් පවා හඩ නගමින් සෙලවුණු බවත් පොලවේ හිටගෙන සිටි අයගේ කකුල් පවා හිරිවැටෙන ආකාරයට ඇද ගෙන යනවා වැනි හැගීමක් මෙම දෙදරුම ඇතී වී තිබේ.
පසුගිය සැප්තැම්බර් මාසයේදී ද වික්ටටෝරියා ජලාශය අවට ඇති ගුරුදෙණිය හාරගම අනුරගම අවට බොහෝ ප්‍රදේශවලට කිහිප අවස්ථාවකදී පොලවේ සෙලවීම් ඇතිවිය.
මේ පිළිබඳව මහනුවර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ රණවීර මහතාගෙන් කළ විමසීමකදී පැවසුවේ පල්ලෙකැලේ භූ විද්‍යා හා පතල් කැණිම් කාර් යංශය සවිකර ඇති මාපකයේ 2.2 ක අගයක් සටහන් වි ඇති බවත් එය දරුණු භු කම්පන අවස්ථාවක් නොවන බවත්ය.
අනුරගම ප්‍රදේශවාසින් විසින් මේ පිලිබදව තලාතුඔය පොලිසිය ද දැනුවත් කර ඇත.
COMMENTS
"පොලිසිය ද දැනුවත් කර ඇත" ඒ කියන්නේ පොලීසියට භූමි කම්පාවක්වත් දැනෙන්නේ නෑ කියන එකද?
පහුගිය කාලේ ඔය පළාත්වල මිනිස්සු කළ අපරාධවලට මේ මහපොළව කම්පාවන එක අහන්නත් දෙයක්ද?