
(චමිල් රූපසිංහ)
පුද්ගලයකුගෙන් රුපියල් 150,000ක අල්ලස් මුදලක් ගත් මහනුවර මහ නගර සභාවේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (05) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.
ඩිජිටල් නාම පුවරුවක් සවි කිරීම සඳහා අවශ්‍ය අනුමැතිය ලබා ගැනීම පුද්ගලයෙකුගෙන් අල්ලස් ලබාගන්නා අවස්ථාවේදී මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගෙන ඇත.
වැටලීම සිදුකරන අවස්ථාවේ එහි සිටි තවත් නාගරික මන්ත්‍රීවරයෙකු පළාගොස් ඇති බව දැන ගන්නට තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ආකාරයට අල්ලස් ගන්නා පුද්ගලයින් නීතියට කොටු කිරීමට ජනතාව බිය වන්නේ නීතියට කොටු කරදීමෙන් පසුව ආයතනයේ වෙනත් අය එම පුද්ගලයාට අවශ්‍ය කටයුත්ත සිදුකර නොදී නිකරුණේ රස්තියාදු කරවීම හෝ කාර්යය එපා වන තැනට පත් කිරීමයි. මේ සඳහාද පිළියම් යොදයි නම් අල්ලස් ගන්නා පුද්ගලයින් ඕනෑතරම් අල්ලා ගත හැකියි....
මේ දෙන්නා හඳුනාගන්න නම්, ගම් නැද්ද?
ළඟ ළඟ එන පළාත් සභා ඡන්දෙට ඉල්ලන්න සුදුසුකම් සපුරනවා වගේ... නම්, ගම් දැම්මා නම් අපිටත් ඡන්දයක් දෙන්න තිබුණා.
ජනපති සමාව?
මහනුවර නගර සභාවේ අල්ලස් නොගන්නේ අර ඉදිරියෙන් හිටවලා තියෙන අලියා පමණයි.