(චමිල් රුපසිංහ)
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහර ශ්‍රී දළදා මාලිගාව අභියසින් අද (05) රාත්‍රී 7.02 ට ගමන් ආරම්භ විය.
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහරේ සදාතුක කරඩුව වැඩම කරන ලද්දේ කතරගම වාසනා හස්තියා මතිනි. දෑලේ ඇතුන් ලෙස බුරුම රාජා,මියන්රාජා යන හස්ථින් ගමන් කළහ.
ප්‍රථම කුඹල් පෙරහරේ සධාතුක කරඬුව ඉන්දි රාජා හස්තියා මතින් වැඩම කිරීමට නියමිතව තිබුණද හදිසි තත්ත්වයක් හේතුවෙන් පසුව කතරගම වාසනා මතින් කරඬුව වැඩම කරනු ලැබීය.
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහර නැරඹීමට පෙර වසරවලදී මෙන්ම අති විශාල ජනතාවක් මහනුවරට පැමිණ සිටියහ.
පෙරහර දළදා වීදිය,ඩී.එස් සේනානායක වීදිය ඔස්සේ පන්සල පාරේ ඉහළට පැමිණ දේව වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය, රජ වීදිය ඔස්සේ ගමන් ගෙන ඉහළටවිත් ගෙවදීමට නියමිතය.
මෙවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යය සඳහා අලි ඇතුන් 75 ට අධික සංඛ්‍යාවක් සහභාගි වන බවත් දේශිය සංස්කෘතිය විදහාපාන නර්ථනයන් විශාල ප්‍රමාණයකින් ද සමන්විත බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දැල මහතා පැවැසීය.
කුඹල් පෙරහර අගෝස්තු මස 09 දින දක්වා වීදී සංචාරය කිරීමෙන් අනතුරුව රන්දෝලි පෙරහර අගෝස්තු මස 10 සිට 14 දක්වා පුරාදින පහක් වීදී සංචාරය කිරීමට නියමිතය.
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මෙම වසරේ ඇසල මහා මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අගෝස්තු මස (14) රාත්‍රී වීදි සංචාරය කර (15) දින පැවැත්වෙන දහවල් පෙරහැර විදී සංචාරය කිරීමෙන් මෙවර ඇසළ මංගල්‍යයේ අවසානය සනිටුහන් වන බවද දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.




2025 නොවැම්බර් මස 21
83
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
177
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1038
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහර අද