
(යොහාන් භාසුර)
මහනුවර නගරයේ වාහන තදබදය අවම කිරීම සඳහා මහනුවර සුදුහුම්පල සිට තැන්නෙකුඹුර හන්දිය දක්වා කිලෝමීටර් 5.56 ක උමං මාර්ගයක් ඉදිකිරීමට මහාමාර්ග අමාත්‍යංශය සැළසුම් කර තිබේ.
කොරියානු රජයේ ණය යෝජනා ක්‍රමයකින් මෙම උමං මාර්ගය ඉදිරිකිරීමට සැළසුම් කර ඇති බව කී මහාමාර්ග අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසුවේ මේ වන විට එම උමං මාර්ග ව්‍යාපෘතියේ සක්‍යතා වාර්ථාව සකස් කර අවසන්ව පරිසර අධ්‍යන වාර්ථාව පේරාදෙණිය විශ්වවිද්‍යාලය අධ්‍යනය කරමින් ඇති බවත්ය.
එම ව්‍යාපෘතියේ අධ්‍යන කටයුතු ලබන දෙසැම්බර් මස අවසන් වීමට නියමිත බවත් එහි ඉදිකිරීම් ලබන වසරේ (2022) ආරම්භ කර 2025 වසරේදී නිම කිරීමට නියමිත බවත් මහාමාර්ග අමාත්‍යංශයේ නිලධාරියා වැඩි දුරටත් පැවසීය.
මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සෘජු අධීක්ෂණයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.
COMMENTS
උමං මාර්ගයකට වඩා ඉතා අඩු වියදමකින් සැහැල්ලු දුම්රිය (LRT) මාර්ගයක් දාන්න පුලුවනි ඊට ඇති බාධා කවරේදැයි දන්න කෙනෙක් කියන්න.
හොඳට ගහන්න පුළුවන් ව්‍යපෘති වලට ආයෝජනය කරනවා.
ඔය මුකුත් නෑ මාලිගාව ලග පාර සැහැල්ලු වාහනවලට පමණක් විවෘත කරා නම්
ක්‍රමවේදය තීරණය කරනු ලබන්නේ හැමබවෙන කොමිස් මුදල අනුවයි.
ආයෙත් මිනිස්සු එවන ඩොලර් ටිකෙන් කුට්ටියක් ගසාකන්න හොඳ ගේමකට ලෑස්ති වෙන්න වගේ යන්නේ.?
මේ තවත් ජාතික අපරාධයක්. අනාගත පරපුර කොරියාවට ණය කරල පාලකයො සාක්කු පුරවගන්න වැඩ සූදානම් කර අවසන් බව පෙනේ. කවුද මේවට අනුමැතිය දුන්නෙ? මීට බෙහවින් අඩු මුදලකට විකල්ප අධිවේගී මාර්ගයක් හදන්න බැරි ඇයි?
මේක පසුගිය ආණ්ඩුව කාලේ සැලසුම් කර යම් බලපෑමක් නිසා නවත්වන ලද දෙයක්. මෙය හොඳ අදහසක් නමුත් අධික වර්ශාපතනයක් ඇති මහනුවර ප්‍රදේශයේ උමං මාර්ගයයක් තැනීමෙන් ගිලා බැසීම් වැනි අනිසි ප්‍රතිපල ඇතිවිය හැක.
මොන ආණ්ඩුව ආවත් කොමිස් ගහනවා. එල් ආර් ටී කෝච්චිය යන්න කාලසටහනකට අනුව නමුත් උමන් මාර්ගය හැදුවොත් වාහන නොනවත්වා යන්න පුළුවන්.
මේවා නිස්කාරන වියදම්... මේවා රට මේ වෙලාවේ අවශ්‍ය දේවල් නොවෙයි. කොමිස්වලට මගපාදා ගැනීමක්...