(යොහාන් භාසුර)
ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා පත්කළ ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශන කමිටුවෙන් හිටපු පිතිකරු රෝෂාන් මහානාම මහතා ඉවත්වීමට තීරණය කළේය.
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ තරග තීරකවරයෙක් ද ලෙස කටයුතු කළ රොෂාන් මහානාම මහතා වසරකට ආසන්න කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශන කමිටුවේ සාමාජිකයෙක් ලෙස කටයුතු කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශන කමිටුවේ සභාපතිවරයා ලෙස හිටපු සුපිරි පිතිකරු අරවින්ද ද සිල්වා මහතා කටයුතු කරන අතර සෙසු සාමාජිකයන් ලෙස හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන් වන කුමාර් සංගක්කාර සහ මුත්තයියා මුරලිදරන් කටයුතු කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහත්වරුන්ට දේශපාලන පිස්සොත් එක්ක වැඩ කරන්න බැහැ
එහම නම් මේ පුරප්පාඩුව පුරවන්න චිචී තමා සුදුසු.