(නිමල කොඩිතුවක්කු)
පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු රටේ ආර්ථිකය සහ ජනතාවට සහන ලබාදීම සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රමුඛ රජය සමඟ විපකෂනායක මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ කණ්ඩයම සමඟ පැවැත්වූ සාකච්ඡාව සාර්ථක වූ බව දෙපාර්ශවය විසින්ම ප‍්‍රකාශ කෙරිණි.
කොළඹ අරලියගහ මන්දිරයේ දී පැයකට අධික කාලයක් පැවති සාකච්ඡා ඉතාමත්ම සාර්ථකව අවසන් වූ බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාත් මාධ්‍ය හමුවේ ප‍්‍රකාශ කළේය.
විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා කළ ඉල්ලීමක් මත මෙම සාකච්ඡාව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සමඟ පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා මුදල් අමාත්‍ය මංගල සමරවීර, පොදු සැපයීම් හා ආර්ථික ප‍්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍ය හර්ෂ ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන, සුසිල් පේ‍්‍රමජයන්ත, බන්ධුල ගුණවර්ධන, උදය ගම්මන්පිල, ගාමිණී ලොකුගේ, මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යන මහත්වරු ඇතුළු පිරිසක් එක් වූහ.
ඡායාරූප : ළහිරු හර්ෂණ



COMMENTS
රට ගිනිගෙන බව කිවත් මාධ්‍යට .// සිනහා මුසුව අපි ඔක්කොම හමුවිලා..// කතා කරා වල්පල් සහ තේ බිව්වා..// විසිර ගියා පැය ගානක් කාදමලා..//
කළු කෝපි බිව්වද , සීනි දාලද බිව්වේ නැත්නම් දියවැඩියාවට බොනවා වගේද බිව්වේ
ඔක්කොම බලන්නෙ මේ පාර කොහොමද ගොඩ යන්නෙ කියලා. ඔකොම එකයි
දැන් සිදුවෙමින් පවතින්නේ දිනෙන් දින වර්ධනය වන සියලු දේශපාලන පක්ෂ හා දේශපාලකයින්ට ඇති ජනතා විරෝධයත් අප්‍රසන්න හැඟීමත් සියලුම දේශපාලකයින් විසින් වංගු ගසා රටේ ජනතාවට අමතක කරවීමයි. මේ සියලුම දේශපාලකයින් බියෙන් සලිත වුණා.. අපේ ජාතිය දේශපාලනයෙන් තොරව එකා වගේ එකම අරමුණකට ගොනු වෙනකොට... ඒ නිසා දේශපාලකයින් ඔවුන්ගේ පක්‍ෂ සියල්ල අමතක කර දමා ඔවුන් එකිනෙකාගේ පිටවල් කසන්නට පටන්ගෙන ඇත. අපේ මිනිස්සු මේ ගැම්ම ඉදිරියටම රැගෙන යා යුතුයි. පක්‍ෂ හෝ පාට වෙනුවට රට සහ ජාතිය ගැන පමණක් සිතිය යුතුය. සියලුදෙනාට ජය...!
හා හා ඔක්කොම බයවෙලා වගේ. තවතව අනන්න. එතකොට හොඳට කන්න පුළුවන් වෙයි.
අපි නම් අහුවෙයි ඔය බෝල පාස් කෙරිල්ලට.....
ඔක්කොම මෝඩයින් තමයි..
සාර්ථකලු... බුලට් ප්රූෆ් එකද?
මේ දෙගොල්ලොම එකම බෝට්ටුවේ අය... මොවුන් දෙගොල්ලොම ප්‍රතික්ෂේප කළ යුතුය. හොරකම්, දුෂණ දෙගොල්ලොම එක විදියට කර එකෙක් වත් ඇල්ලුවේ නැහැ. ඊ ළඟට එන එවුනුත් කරන්නේ මේකම ජනතාව ගොනාට අන්දන එකයි.
රස්තියාදුකාරයන්ගේ දේශපාලනය...