අනීෂා මානගේ
කුඩා දරුවෙක් මේ වන විට රුපියල් ලක්ෂ හතරකට වඩා ණයකාරයෙක් කර ඇතැයිද රටේ ජනතාවට නිදහසක් නොමැතිවීම නිසා මෙවර නිදහස් දින උත්සවයට සහභාගී නොවන බවද එක්සත් ජනතා නිදහස් සන්ධානය මහලේකම් හම්බන්තොට දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසයි.
මහින්ද අමරවීර මහතා මෙසේ පැවැසූයේ අඟුණකොළපැලැස්ස අබේසේකරගම ප්‍රදේශයේ ගොවි පවුල් එකසිය විස්සක් සඳහා පලතුරු සහ එළවළු පැළ ලබා දීමේ වැඩසටහනකට අද (3) සහභාගී වෙමිනි.
රැස්ව සිටි පිරිස අමතමින් මන්ත්‍රීවරයා මෙසේද පැවසුවේය.
මේ රටේ හිටිය කිසිදු ආණ්ඩුවකට රටේ ජනතාවගේ ප්‍රශ්න හඳුනාගන්න පුළුවන් වුණා කියල මම හිතන්නේ නැහැ. එහෙම වුණා නම් මේ අර අද තරම් අන්ත අසරණ තත්ත්වයට පත් වෙන්නේ නැහැ. අවුරුදු හැත්තෑ එකක් වෙනවා අපේ රට නිදහස ලබලා. මම හැමදාම වගේ නිදහස් උත්සවයට ගිය කෙනෙක්. මම මේ සැරේ යන්නේ නැහැ කියල තීරණය කළා. නිදහස සමරලා උත්සවයක් තිබුණට වැඩක් නැහැ මේ රටේ මිනිස්සු නිදහස් වෙලා නැහැ.
අපි සුද්දාගෙන් නිදහස් වුණා තමයි. සුද්දගෙන් නිදහස් වෙලා කළු සුද්දට පාලන බලය ආවා. හැබැයි සුද්දන්ගේ පාලන කාලයට වඩා මිනිස්සු අන්ත වෙලා තිබෙනවා ඇතැම් ක්ෂේත්‍ර වලින් දැන්. රටේ ජාතික ආදායම මදි වෙලා තිබෙනවා රටේ ණය ටික ගෙවාගන්න.
මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ ආණ්ඩුව එයාලට යමක් කරාවි කියලා. පොඩි දරුවොත් ණයකාරයෝ කරල. රටේ දැන් ඉන්න එක් පොඩි දරුවෙක් ලක්ෂ හතරකට වැඩිය ණයකාරයෙක් කරලා. එන්න එන්න එය දැන් වැඩි වෙනවා. කවුරු මොන පොළියට ගත්තත් ඒව ගෙවන්න ඕනෑ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේද කියන්නේ ඔය ණය ගන්න මෙයා අතඋස්සලා නැතුවම ඇතිනේ... අනික මේ ණයවලින් හිටපු ලොක්කෝ සහ දැන් ඉන්න ලොක්කෝ කොමිස් කනකොට මෙයා ඊට විරුද්ධව පාර්ලිමේන්තුවේ ලොකු හඬක් නගලා තියෙනවනේ...
අරගොල්ල ණය ගත්තලු (කොමිස් කන්නලු ගත්තේ), ඉතින් මෙයාලා ඒ ණය ගෙවන්න තව ණය ගන්නවාලු අරගොල්ලන් කියනවා මේ ගොල්ලන් ගත්ත ණය වලින් කිසි වැඩක් කෙරිලා නැතිලු. මේ ඔක්කොම බයිලා අහන ගමන් ණයත් ගෙවන අපිව ගොනාට අන්දන්න මෙයා තවත් බයිලා කියනවා. කිඹුලා කනකොට ඉවසන්න පුළුවන්ලු... නමුත් කොහිල කටු අැනෙනකොට ඉවසන්න අමාරුයි මහත්තයෝ.
මෙන්න මෙයාට හදිසියේම නුවණ පහලවෙලා ඔලුව ගලකවත් හැපුනද?
මේ මිනිස්සු මැරිලා ඉපදිලා නැතිනම් මොලේ කචල් වෙලාද? චන්ද්‍රිකාගේ ආණ්ඩුව, මහින්දගේ ආණ්ඩුව විතරක් නෙවෙයි මේ ආණ්ඩුවෙත් ඊයේ, පෙරේදා තීන්දුවෙන් බලය පිහිටුවන තැන දක්වාම මේ මනුස්සයා ආණ්ඩුවේ හිටියේ.. හැම දේටම අත උස්සලා දැන් සුද්දවන්තයෙක් වෙනවද? රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රකෝටි ගණන් දූෂණවලදී නිහඬව අත උස්සපු ඔහෙත් වගකිව යුත්තෙක්...
අවුරුදු ගාණක් රට කාලා, දැන් තමයි මතක්වෙලා තියෙන්නේ රටේ ණය බර...
මෙයා ඇතුළු පාර්ලිමේන්තුවේ 224 දෙනාම සේනා දැළඹුවා වගේ රටේ සාරය උරාබීලා තියෙන්නේ. වැදි බණ තමයි...
අපි නායකයෝ කරලා තමුන්ලා කාල කාලා දැන් අාමාශය පිරිලා නේද තියෙන්නේ? බොරුද මම කියන්නේ. බොරුනම් මට පොල් ගහන්න.
මාර පරිප්පුවක්නේ කන්න වෙන්නේ නිදහස් උත්සවයට...! මෙයා නැතුව එයා කොට උඩ යාවි නේද? කීයක් හරි දීලා මෙයා ගෙන්නගෙන ජනාධිපති ළඟ හිටවගෙන උත්සවය ඉවර කරන්න බලන්න.
සුද්දා නිදහස දුන්නු රටින් නිදහස් වෙලා පිටරටකට පැන ගන්න උත්සහ කරමින් සිටින ජනතාවට නිදහසේ මේ රටින් පිටමන් වෙන්න ඉඩ සැලසුවා නම්, ඒ සුද්දගේ රටට ගිහින් අඩුතරමේ කාල ඇඳලා වත් ඉන්න තිබුනා. නිදහස ලද රටේ ජනතාව සුද්දා, පැත්ත පළාතේ වද්දා නොගන්නා නිසා, මැදපෙරදිග රටකට වත් ගොස්, බැලමෙහෙවර කර මුදල් ඒවා, හෝ මෙරටේම සිට, අපගේ තක්කඩි පාලකයින්ට නිදහසේ හොරකම් කර, හිරේටත් නොගොස් , එලියට වෙලා නිදහසේම, ඔවුන්ගේ නිදහස සමරන්න, අපි ඔවුන් වෙනුවෙන් අපගේ ජීවිත කාලය පුරාම කඹුරමු.
එයා නොගියාම අපේ නිදහස නැතිවෙයි.