IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


මහින්දානන්දගේ නඩුවේ තීන්දුව 25 වැනිදා

(මනෝප්‍රිය ගුණසේකර)

 

වෘත්තීය සමිතියකට අයත් රුපියල් ලක්‍ෂ 39ක මුදලක් සාපරාධි අන්දමින් සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා ලැබ සිටින රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විත්තිය වෙනුවෙන් සාක්කි කැඳවීමකින් තොරවම නිදොස් කොට නිදහස් කරනවාද? නැද්ද? යන්න පිළිබඳ තීන්දුව ලබන 25 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතාගෙන් අද (08) දැනුම් දුන්නේය.

 

රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහි නඩුවේ පැමිණිල්ලේ සාක්කි විභාගය අවසන් කරන බව නීතීපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥවරයා අධිකරණයට දැනුම් දුන් අවස්ථාවේදී මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ නලීන් ලද්දුවහෙට්ටි මහතා කළ ඉල්ලීමක් සළකා බැලු විනිසුරුවරයා එලෙස දැනුම් දුන්නේය.

 

මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නොමැති හෙයින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වැනි වගන්තිය යටතේ විත්ති පාර්ශවය වෙනුවෙන් සාක්කි නොකැඳවාම විත්තිකරු නිදහස් කරන්නැයි ජනාධිපති නීතීඥ නලීන් ලද්දුවහෙට්ටි මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

 

ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොන්ග්‍රසය යන වෘත්තීය සමිතියට අයත් රුපියල් ලක්‍ෂ 39ක මුදලක් සාපරාධි අන්දමින් සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය මෙන්ම විදුලිබල රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව පවරා ඇති නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී මහින්දානන්ද අලුත්ගමගේ මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

 

2012 ඔක්තෝම්බර් 31 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹ, නාවල, ජයවර්ධපුර සහ කෝට්ටේ යන ස්ථාන වලදී ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොන්ග්‍රසය යන වෘත්තීය සමිතියට අයත් රුපියල් ලක්‍ෂ 39ක මුදලක් සාපරාධි අන්දමින් සාවද්‍ය පරිහරණය කිරීම හා එම මුදල සම්බන්ධයෙන් විශ්වාසය කඩ කළ බවට නීතීපතිවරයා විසින් විත්තිකාර හිටපු ක්‍රීඩා අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව නඩු පවරා තිබිණි.

 

ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසය නමැති වෘත්තීය සමිතිය විසින් විත්තිකරුගේ බාරයට පත් කර තිබු රුපියල් ලක්‍ෂ 39ක මුදලක් වංක ලෙස සිය ප්‍රයෝජනයට ගෙන ඇති බව නීතීපතිවරයා විසින් අධිකරණයට දැනුම් දී තිබිණි.

 

විත්තිකරුට එරෙහි මෙම චෝදනා සනාථ කිරීම සඳහා සාක්කිකරුවන් 20 දෙනෙකු හා ලේඛන 8ක් ඉදිරිපත් කිරීමට අපේක්‍ෂා කරන බව නීතීපතිවරයා විසින් අධිකරණයට දැනුම් දී තිබිණි.

 

මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥවරිය කරුණු ඉදිරිපත් කරමින් විත්තිකරුට එරෙහි නඩුවේ පැමිණිල්ලේ සාක්කි විභාගය අවසන් කරන බව දැනුම් දුන්නාය.

 

ඒ අවස්ථාවේදී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ නලීන් ලද්දුවහෙට්ටි මහතා අධිකරණය අමතමින් තම සේවාදායකයාට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නොමැති හෙයින් විත්තිය වෙනුවෙන් සාක්කි නොකැඳවාම අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වැනි වගන්තිය යටතේ තතම සේවාදායකයා නිදහස් කරන්නැයි ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වු කරුණු සළකා බැලු විනිසුරුවරයා මෙම ඉල්ලීම පිළිබඳ තීන්දුව නඩුව ලබන මස 25 වැනිදා ප්‍රකාශයට පත් කරන බව දැනුම් දුන් අතර නඩුව එදින යළි කැඳවීමටද නියම කළේය.

විත්තිකරු වෙනුවෙන් නීතීඥ කාංචන රත්වත්තේ, සාලික ගුණවර්ධන, අෆිස් ෆාරිස් සහ දිනේෂ් ලියනගේ සමඟ ජනාධිපති නීතීඥ නලීන් ලද්දුවහෙට්ටි මහතා පෙනී සිටියේය.



අදහස් (4)

මහින්දානන්දගේ නඩුවේ තීන්දුව 25 වැනිදා

Nuwan Monday, 08 February 2021 11:29 AM

මෙයාව හිරේ ඇරියොත් සර් පාස් වෙනවා. කරාවිද?

:       0       15

pradeepa Monday, 08 February 2021 11:57 AM

කොහොමහරි, මහජනයාගේ මුදල් නාස්තියක් සිදුවෙලා තියෙනවා. කාගේ හෝ වරදකින්.. අපි හිතමු මේ නඩුවත් නිදොස් කොට නිදහස් කියලා... කළින් ඒවා දිහා බලනකොට...

:       0       14

හුනා Monday, 08 February 2021 12:29 PM

තීන්දුව ගැන හූනා කියන්නා වගේ කියන්න පුළුවන්. එ්ත් ඉතින් මොකටද කට වරද්දා ගෙන හිරේ යන්නේ?

:       0       14

විජිත් Monday, 08 February 2021 12:47 PM

මැදමුලන ක්‍රමය අනුව... මේ හාදයා දැනටමත් එයාගේ තීන්දුව නඩු කාරයාට දන්වලා යවලා තියෙන්නේ. නඩු කාරයාට නඩු දවසට කරන්න තියෙන්නේ මෙයා යවපු තීන්දුව කියවන එක පමණයි. නඩු කාරයාට මීට ඉහළින් යන්න බැහැ. එහෙම වුණොත් හෙට නඩු කාරයාට ජොබ් එක නැහැ. කොහොමවුණත් දැන් ඉන්න නඩුකාරයින් සියලුදෙනාගේම කොඳු කඩලා තියෙන්නේ.

:       0       13

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31113 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13239 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10949 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 43 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 881 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 264 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site