තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ
මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස ආණ්ඩු කිරීම අත්හිටුවමින් ලබා දුන් තීන්දුවට එරෙහි අභියාචනය ඊවා වනසුන්දර මහත්මිය නොමැති පූර්ණ විනිසුරු මඬුල්ලක් හමුවේ කැඳවන ලෙස එල්ලමින් එක්සත් ජාතික පක්ෂය අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෝසමක් ගොනු කළේය.
මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධුරයත්, අනිත් පිරිසට ඇමැති ධුරත් දැරීම තාවකාලිකව අත්හිටුවමින් අභියාචනාධිකරණය ලබා දුන් අතුරු නියෝගයට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනා පෙත්සමක් ගොනු කර තිබේ.
එය ඊයේ කැඳවූ අතර හෙට (14) පෙත්සම සලකා බැලීමට නියම කැරිණි.
ඒ අනුව මෙම අභියාචනා පෙත්සම පූර්ණ විනිසුරු මඬුල්ලක් හමුවේ (විනිසුරුවරුන් පස් දෙනෙකු හෝ ඊට වැඩි) කැඳවන ලෙස එක්සත් ජාතික පක්ෂය අද මෝසමක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කළේය.
එමෙන්ම එම පූර්ණ විනිසුරු මඬුල්ලක ඊවා වනසුන්දර විනිසුරුවරිය ඇතුළත් කර නොගන්නා ලෙස තවත් මෝසමක් ගොනු කර තිබේ.
COMMENTS
ඒ කියන්නේ උසාවිය තීන්දු තීරණ දෙන්නේ නීතිය අනුව නොවේද? අපට හිතන්න තියන්නේ එජාප දිනුවොත් එහි ඇත්තේ එයාලට පක්ෂග්‍රාහී අය, උසාවියත් අද වෙනකොට වරප්‍රසාදවලට මුවා වෙලාද? රටේ මහජනයාට ඉතිරිව ඇත්තේ මොනවද? රට නැත, ආගම නැත, ජාතිය නැත ඉදිරියේදී උණ්ඩයක් අපට හිමි වෙනු ඇත. මගේ රටට තෙරුවන්ගේ සරණයි .....
ඊවා වනසුන්දර මහත්මිය මීට කලින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නඩුවක් විභාග කිරීමෙන් ඉවත් වුණා. ඒකට හේතුව මහින්ද රාජපක්ෂ මහතා සමග තියන හිතවත් කමයි. නමුත් මහින්ද මහතාගේම නඩුවක් උසාවියට ඉදිරිපත් කලවිට වනසුන්දර මහත්මිය ඉවත් නොවුනේ ඇයි කියන එක ප්‍රශ්නයක්
ඒක අමුතු සෙල්ලමක් විනිසුරු මඩුල්ල තෝරන්නේ එජාපයෙන්ද? තමන්ට අවශ්‍ය කට්ටිය දාල තමන්ට අවශ්‍ය තීන්දුව ගන්නද හදන්නේ මේක අධිකරණයට බලපෑම් කිරීමක් නෙවේද?
අඹ ගෙඩියක හැඩය ගත්ත මහා මුහුදෙන් වටවෙච්ච අරුම පුදුම රටක් තියනව ඕයි. තමන් කමති විනිසුරු වරුන් පත්කරගෙන නඩු අහන රටක් ඕයි
හොද යෝජනාවක්
ඒ කියන්නේ මෙයාට පක්ෂපාත අය තමයි අධිකරනයේ නඩු අහන්න ඕන.
දැන් එතකොට නඩු තීන්දු දෙන්න ඕනි එයාලා නම් කරන විනිසුරුවරු ඉදිරියේදීද ? ඒකද ප්‍රජාතන්ත්‍රවාදය ?
මෙහෙමත් ඉල්ලීම් ඉල්ලන්න පුළුවන්ද? ඔය මෝසම මගින් විනිසුරුවරියගේ වෘත්තිය අභියෝගයකට ලක්කොට තිබෙනවා. විනිසුරුවරුන් වැඩි කිරීමේ ප්‍රශ්නයක් නොමැත... නම් සඳහන් කරමින් විනිසුරුවරු ඉවත්කරන්න ඉල්ලීම නීතියට කරන අවමානයක් නොවේද?
ඇයි ඒවාට රනිල් අකමැති?
දැන් එතකොට එජාපෙට ඕනේ විදියටද නඩු විභාග කරන්නේ?
රනිල්වයි සම්බන්දන්වයි අනුරවයි දැම්මනම් හරිනේ එහෙනම්.
ඊවා වනසුන්දර විනිසුරුවරිය, තමා මහින්ද රාජපක්ෂ මහතාගේ ළඟම මිතුරියක් බවත් මහින්ද විසින් තමාව විනිසුරුවරිය ලෙස පත් කළ බවත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරලා තියෙනවා. එමනිසා ඇය මෙම නඩුවෙන් ඉවත් වීම වඩාත් සුදුසුයි.
ඒ කියන්නේ එජාපයට හිතවත් අය දාලා නඩු අහන්න කියන එකද?
ඒ කියන්නේ අනිත් අය දාලා කරගන්න පුළුවන් කියන එක ද?
සාධාරණ ඉල්ලීමක්
මොන විකාරද මේවා ..... පිට රටවල් වල ඉන්න මිනිස්සු අපෙන් අහන ප්‍රශ්න වලට දෙන පිළිතුරු අපි ළඟ නෑ.... ලංකාව කියලා කියන්නත් ලැජ්ජයි...
ඉතා සාධාරණ කාලොචිත් ඉල්ලීමක්
නීති විද්‍යාලයේ ඉතා හොඳ යාලුවෙක් ලු ඔහු ඇයට උසස්වීම් දීලලු එමනිසා ඉල්ලිමා ඉතා සාධාරණයි... එය ඉටු කිරීම ඇති විශිෂ්ඨයි...
අනිත් පැත්තේ අයත් කිවොත් ඕකම මොකද කරන්නේ? එතකොට අපේ රටේ මටත් පුලුවන්ද මම කැමති විනිසුරුවරයෙක් දලා නඩු අහගන්න? එම අයිතිය එහෙනම් හැමෝටම දෙන්න ඕනේ.
විනිසුරුවරියක් චරිතාපදානයක් ලියනවා රටේ යම් බලගතු පුද්ගලයෙක් තමා සමග කොපමණ කුළුපගුද කියල. එවැනි විනිසුරුවරියක් එම පුද්ගලයා සම්බන්ධ නඩුවක් ඇසීම කෙතරම් සදාචාරාත්මකද?
සාමාන්‍යයෙන් කෙරෙන්නේ විනිසුරුවන් විසින්ම නඩු ඇසීම ප්‍රතික්ෂේප කිරීමයි. ඒ වගේම නඩුවේ පාර්ශව දෙකෙන්ම එකපක්ෂයකට හැඟේ නම් විනිසුරු පක්ෂපාතිත්වයක් දක්වනවා කියා එ් පිළිබඳව ඉහළ උසාවියෙන් තීන්දුවක් ගෙන වෙනත් විනිසුරුවෙකු ලවා නඩුව විභාගයට ගැනීමට ඉල්ලීමක් කළ හැකිය. උදා. මහින්දානන්ද, බැසිල් රාජපක්ෂ , ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන්ගේ ඉල්ලීම්... මෙය අප රට දැනට පවතින නීතියට අනුකූලයි.
ඕක මොකද්ද? හොර පෙරකදෝරුවන් පිනුම් ගහන රටක, වෙහෙරත් ගිල්ල මට අග්ගලාව කජ්ජක්ද කිව්වාලු...
බොහෝම සාධාරණ ඉල්ලීමක්... පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන නඩුවෙදීත් මහින්ද ඉල්ලුවනේ 7ක් හෝ 9ක්... ඒක දුන්නා වගේම මෙයත් සාධාරණයි. අනෙක් පැත්තෙන් පැමිණිල්ල හෝ විත්තිය දන්නා හඳුනන කෙනෙක් ඉන්න එක සදාචාරාත්මකද?
එක් විනිසුරුවරයකු හැර කීවට තමන්ට ඕන අය ගන්න බැහැ.සමන් සනත් කියන කතාව වැරදියි. තමන්ට අධිකරණයෙන් මෙම ඉල්ලීම කරන්න අයිතියක් තියෙනවා. කෙනෙකු නම් කර ඉල්ලන්න නම් අයිතියක් නැහැ
සමන් රත්නප්‍රියට අනුර පැස්කුවෙල් කියලා තියෙන තේරෙනවා කියා සිතමි
රඟපෑම වෘත්තිය කරගත් මන්ත්‍රීතුමෙක් පසුගිය දිනක කරපු කථාව සත්‍ය බව සනාථ වෙනවා.