IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


මුහුදු මහා විහාරයේ මායිම් දාන්න සාකච්ඡාව අද

(***සුජිත් හේවාජුලිගේ)

අම්පාර පොතුවිල් මුහුදු මහ විහාර භූමියේ මැනුම් කටයුතු යළි කිරීම සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා හා මැනුම්පති ශ්‍යාමලී පෙරේරා මහත්මිය අතර විශේෂ සාකච්ඡාවක් අද (20) පැවැත්වීමට නියමිතය.

මුහුදු මහා විහාර භූමියේ යළි මැනුම් කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා ලංකාදීපයට ඊයේ (19) පැවැසීය.

මුහුදු මහා විහාරයට අයත් අක්කර 62 ක භූමි භාගයක් ගැසට් නිවේදනයක් මගින් ඉදිරියේදී ප්‍රකාශයට පත් කරනු ලබන බව කී පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ගැසට් නිවේදනය නිකුත් කිරීමට පෙර එම භූමි භාගය නිවැරදිව මැන ගත යුතු වන බවද ප්‍රකාශ කළේය.

මුහුදු මහා විහාරයේ වර්තමාන තත්ත්වය දැන ගැනීම සඳහා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා ලබන 27 වැනිදා එම ප්‍රදේශයට යෑමටද නියමිතය.

මුහුදු මහා විහාර භූමියේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමටද කටයුතු කරගෙන යන බව පුරාවිද්‍යා ​අධ්‍යක්ෂ ජනරාල්වරයා කීය.

 



අදහස් (5)

මුහුදු මහා විහාරයේ මායිම් දාන්න සාකච්ඡාව අද

Indhika Wednesday, 20 May 2020 11:01 AM

සෙනරත්ම නේද ඕක පවරලා දුන්නේ? එයා නේද ඕකට වග කියන්න ඕනේ? එයා නේද ඕකේ පුරාවස්තු නැහැ කියල නිර්දේශ කලේ? එයා නේද ඔය ඉඩමෙන් අක්කර 30ක කනත්තක් දුන්නේ? දැන් එයාම දාලා මන්නවන්නද යන්නේ... ?

:       1       40

Bamunuarachchi Wednesday, 20 May 2020 01:00 PM

මෙම පන්සල් භූමියට අයත් අක්කර 71ත් අදාළ පිඹුරුපත් දෙපාර්තමේන්තුවේ තිබෙනවා. එහෙමනම් එම භූමියේ බිම් ලකුණු කිරීම අමාරු කාර්යයක් නොවෙයි.

:       0       114

pohottu balavgea urumayaWednesday, 20 May 2020 01:21 PM

ඡන්දෙකුත් ළඟළඟම එනවා. මහජාතිය එක පැත්තකට වෙලා අපේ බලය රැක දෙනවා නම් හරි විදිහකට මනීනම් ජාතිය, ආගමට වඩා අපේ බලය පෙරමුණේ නේ...

:       0       6

BamunuarachchiFriday, 22 May 2020 03:30 AM

මේ චන්දෙට කලින් සිංහල බෞද්ධයා තමන්ගේම නායකයෙක් පත් කර ගත්තේ. දැන් තිබෙන්නේ එහි දෙවැනි එපිසෝඩ් එක. එමනිසා චන්දෙ බලාගෙන කලයුතු අමුතු දෙයක් නැත. මෙතන මහා ජාතිය කියාදෙයක් නැත. සුළු ජාතිය පැමිණීම නිසයි සිංහලයා මහා ජාතිය ලෙස පෙනෙන්න ගත්තේ... නැතිනම් තම්බපන්නියේ සිටි එකම ජාතිය සිංහල. මෙරටට පැමිණි පළමු කල්ලතෝනියා විජයන්. අක්කර 71 මෙම පුරාවිද්‍යා බිමට අයිතිනම් හොඳින් හෝ නරකින් එය නැවත ලබා දිය යුතුයි. බලෙන් ඉන්න හදනවා නම් කනෙන් අල්ලා මුහුදට දැමිය යුතුයි.

:       0       18

පතිරආරච්චි Wednesday, 20 May 2020 09:47 PM

සෙනරත් - චාමලී ඕක කිරීම විහිලුවක්... විශ්‍රාමික හමුදා නිලධාරීන් යොදාගෙන ඕක කරන්න..

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 296 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2122 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1613 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site