
(ඩයනා උදයංගනී)
දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 70 පමණ දක්වා ඉහළ යා හැකි බැවින් හෙට (7) දහවල් 12.00 දක්වා මුහුදුයාමෙන් වැළකී සිටින්නැයි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව ධීවරයින්ට දැනුම් දී තිබේ.
විශේෂයෙන් එක්දින හා කුඩා යාත්‍රා ධීවර කටයුතු සඳහා පිටත්වයාමෙන් වැළකී සිටිය යුතු බව එම දෙපාර්තමේන්තුව පවසයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ද නිවේදනය කර තිබුණේ අද (6) දිනයේදී දිවයින වටා මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවය.
.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd