
( එච්. චන්දන )
කාලය ඉකුත් වු මෙහෙයුම් බලපත්‍රයක් සන්තකයේ තබා ගෙන මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි ධීවරයින් 06 දෙනෙකු අත් අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි
අත්අඩංගුවට ගෙන ඇත්තේ මංගළඑළිය - කොත්තන්තිව් පදිංචිකරුවන් පිරිසකි.
හලාවතට නුදුරු ගැඹුරු මුහුදේ මෙම පිරිස මුහුදු කූඩැල්ලන් අල්මින් සිට ඇත. කිමිදී මුහුදු කූඩැල්ලන් ඇල්ලීම සදහා ඔවුන්ට ධීවර දෙපාර්තමේන්තුව විසින් බලපත්‍ර නිකුත් කර තිබී ඇති නමුත් ඒවා කල් ඉකුත් වී තිබී ඇත.
සැකකරුවන් සතුව තිබි ඔක්සිජන් ටැංකි 20 ක්,කිමිදුම් උපකරන කට්ටල 05 ක්, අල්ලන ලද මුහුදු කූඩැල්ලන් 60 දෙනෙකු සහ ධීවර යාත්‍රා 02 ක්ද නාවුක හමුදා බාරයට ගෙන ඇත.

සැකකරුවන් සහ ඔවුන් සතුව තිබී තම බාරයට ගත් දෑ අධිකරණය ඉදිරිපත් කිරීම සදහා හලාවත ධීවර කාර්යාලයට බාරදීමට කටයුතු කළ බව නාවික හමුදාව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔච්චරම මුහුදු කූඩැල්ලන්ට තියෙන ඉල්ලුම මොකක්ද? වාජීකරණ ශක්තිය වැඩි වෙනවාද?