(ඔගස්ටින් ප්‍රනාන්දු)
ජාතීන් අතර ගැටුම් ඇතිවන ආකාරයේ ප්‍රකාශයක් මුහුණු පොතෙහි පල කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ව්‍යාපාරිකයා ජුනි 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හලාවත දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (7) නියම කළේය.
සැකකරු වුයේ හලාවත තේක්කවත්ත ප්‍රදේශයේ පදිංචි හලාවත කඩ විදියේ රෙදිපිලි වෙළඳ ආයතනයක් පවත්වා ගෙන යන 35 හැවිරිදි අබ්දුල් හමීඩ් මොහොමඩ් හස්වර් නැමැත්තාය.
ජාතින් අතර යම් සිත් තැවුලක් ඇතිවි ගැටුම්කාරි තත්ත්වයක් ඇතිවිය හැකිව තිබු අතර පසුව මෙම සටහන අනුව කුපිත වු පිරිසක් හලාවත නගරය තුළ යම් භිෂණකාරි තත්ත්වයක් මතු කර තිබු බැවින් සැකකරු අත් අඩංගුවට ගෙන තිබිණි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පණතේ හා හදිසි නිති රෙගුලාසි යටතේ සැකකරුට විරුද්ධව චෝදනා නගා තිබිණි.
හලාවත නගරයේ ඇතිවු කලබලකාරි වතාවරණය නිර්මාණය වුයේ සැකකරු විසින් මුහුණ පොතකට එක්කර තිබු සටහනක් පදනම් කර ගෙන බවත් ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගත් බවත් පොලිසිය සඳහන් කරයි.
සැකකරුට එරෙහිව පැමිණිල්ල හලාවත පොලිසිය ඉදිරිපත් කළ අතර සැකකරු වෙනුවෙන් නිතිඥ පායිස් සාලි නිතිඥ මොහොමඩ් නලින් නිතිඥ දිලාන් සේනාරත්න යන මහත්වරුන් පෙනි සිටියහ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.