(අනීෂා මානගේ)
තංගල්ල නගරයේ සහ නගරය අවට ප්‍රදේශයේ සිදුකළ පරීක්ෂාවකදී මුහුණු ආවරණ නොමැතිව සිටි 85 දෙනකුට දැඩි අවවාද කිරීමට තංගල්ල මූලස්ථාන පොලිසියේ නිලධාරිහු අද (15) ක්‍රියා කළහ.
තංගල්ල නගරය සහ නෙටොල්පිටිය, කුඩාවැල්ල, විතාරන්දෙණිය යන ප්‍රදේශවලට පොලිස් නිලධාරින් කණ්ඩායම් කිහිපයක් යොදවා මෙම පරීක්ෂාව සිදුකෙරිණි.

යතුරුපැදි, පාගමනින් ගමන් කරන පුද්ගලයන්, බස්රථ සහ ත්‍රීරෝද රථවල ගමන් කරන අයවලුන් මෙලෙස පරීක්ෂා කළ අතර මුහුණු ආවරණ නොමැතිව සිටි අය 85 දෙනකු හඳුනාගැනීමට එහිදී හැකිවිය.
පොලිස් නිලධාරින් මෙම පුද්ගලයන්ට දැඩි ලෙස අවවාද කළ අතර මුහුණු ආවරණ පැළද ගැනීමට ඔවුන් දිරිමත් කිරීම සිදුකෙරිණි.
COMMENTS
බොහෝ මිනිසුන්, බෙහෙත් නොමැති ඇසට නොපෙනෙන, මෙය භයානක වෛරසය ඒ ගැන එතරම් තැකීමක් කරන්නේ නැහැ. මුහුණු ආවරණය බොහෝවිට දමන්නේ නිකටට හෝ නහයෙන් පහතට සමහරු බෙල්ලටද දමාගෙන යනු පෙනේ.. මේවාට දැඩි පියවර ගත යුතුයි. නැතහොත් වෛරසය තවතවත් ව්‍යාප්ත වීමට පුළුවන්...
ආදර්ශමත් වියයුතු විනයගරුක විය යුතු ඉහළම නායකත්වයම අමුඅමුවේ නීති කඩනවා නම් සාමාන්‍ය මහජනතාවට විතරක් නීතිරීති බලාත්මක කිරීමෙන් වෙන්නේ විහිළුවක් විතරයි. පොදු ප්‍රවාහනයම අච්චාරුවක් වෙලා. මුඛආවරණ නිකට ආවරණ වෙලා. අත්සේදුම් දියර හා වතුර නැති සින්ක් විතරක් ඉතුරු වෙලා...
මුහුණු ආවරණ නොමැතිව යා හැක්කේ මැතිවරණ රැස්විම්වලට පමණක් බව මේ මිනිස්සුන්ට කියලා දෙන්න කවුරුත් නැද්ද?