(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ)
මහජන බැංකුවට කාර්යාල සහයකයින් ලෙස බඳවා ගන්නැයි දන්වමින් මුදල් අමාත්‍යවරයා විසින් ඉකුත් මැයි මාසයේදී බැංකුවේ සභාපතිවරයා වෙත 1800 දෙනකුගේ නම් ලැයිස්තුවක් එවා ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවේ අනාවරණය විය.
පසුව ස්ථිර කරන තුරු මොවුන් බඳවා ගන්නා ලෙස දන්වමින් අ.පො.ස උසස් පෙළ විභාගයෙන් පසු පාසල් හැරගිය අයගේ ලැයිස්තුවක් මෙසේ එවා ඇති බව ද මෙහිදී හෙළි විය.
මෙම 1800 ක ලැයිස්තුවට මහජන බැංකු අධ්‍යක්‍ෂ මණ්ඩලය විරුද්ධ වූ බවත්, පසුව ඉන් 80ක් තෝරා මාස හයක කාලයක් සඳහා පුහුණුවන්නන් ලෙස බඳවාගෙන තිබෙන බව ද මහජන බැංකුවේ සභාපති නීතීඥ නිශ්ශංක නානායක්කාර මහතා කෝප් කමිටුව හමුවේ සඳහන් කළේය.
අමාත්‍යවරයා එවූ 1800ක නම් ලැයිස්තුවෙන් 600ක් පමණ ගැනීමට පළමුව තීරණය කර පසුව එම සංඛ්‍යාව 80ක් දක්වා අඩු කර ඇතැයිද මෙහිදී අනාවරණය විය.
අ.පො.ස උසස් පෙළ විභාගය අවසන්ව පාසල් හැර ගිය අය පුහුණුවන්නන් ලෙස බඳවා ගැනීම සෑම වසරකම රාජ්‍ය හා පෞද්ගලික බැංකුවල සිදුවන බවත්, දෛනික දීමනාවක් යටතේ මාස 6 කට එවැනි අය බඳවාගැනීම බැංකුවට වාසිදායක බවත්, සභාපතිවරයා පැවසූ නමුත් කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා එහිදී පැවසුවේ ඇමතිවරයාගේ ලැයිස්තුවකට එය බඳවා ගැනීම අසාධාරණ බවයි.
රාජ්‍ය බැංකුවලට තාවකාලිකව පුහුණුවන්නන් බඳවා ගැනීමේ දී අයදුම්පත් කැඳවා සුදුසුකම් සහිත අය බඳවාගැනීමේ යාන්ත‍්‍රණයක් සකස් කරන ලෙසද කෝප් කමිටු සභාපතිවරයා මෙහිදී මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග මහතාට උපදෙස් ලබාදුන්නේය.
සුනිල් හදුන්නෙත්ති මහතා මෙම උපදෙස් ලබාදුන්නේ මහජන බැංකුවේ නිලධාරීන් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවේ පෙනී සිටී අවස්ථාවේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුදල් ඇමැති ඉතිරිවෙලා ඉන්නවා ඇති.
හැම අැමතියාම හිතන්නේ උන් යටතේ තිබෙන අමාත්‍යාංශ අයගේ පුද්ගලික දේපල බවයි. දැනුත් එහෙමයි, එදත් එහෙමයි. තමන්ගේ වත්තේ වැඩට කම්කරුවන් බඳවා ගන්නා ගමන් වත්තෙන් එන පොල් ටිකත් කඩා ගැනීම ඔවුන්ගේ සිරිතයි. කරුමේ කියන්නේ, අපේ වහල්ලුත් මේ ඇමතියන්ට එහෙම අයිතියක් තියෙනවා කියලා හිතාගෙන ආවඩන එකනේ. ඒකත්, එදත් එහෙමයි, අදත් එහෙමයි. නාගානන්ද කොඩිතුවක්කු වගේ කෙනෙක් ආවේ නැත්නම්, හෙටත් එහෙමයි.
ඉන්න හිතෙන රටක්...
ඔය පුරප්පාඩුවලට රැකියා විරහිත උපාධිධාරීන් පත් කළොත් නරකද?
මොංගල්ගේ මොංගල් වැඩ...
යහ පාලනය කියන්නේ මේකට ද? දැන් කෙරුවාවල් ඔක්කොම එළි වේගෙන එනවා. රනිල්ට කත් අදින අය දැන් මොකද ? කියන්නෙ. මහ බැංකුවේ ඉදන් රාජ්‍ය බැංකු ඔක්කොම විනාශ කළා.
එක අතකින් මුදල් ඇමැති එවන එක හොඳයි මුදල් ඇමැති ගේ පුතා එවනවාට වඩා ඒ කාලේ වගේ
රැකියා විරහිත උපාධිධාරීන් විතරද ජීවත් වෙන්න ඕනේ. උපාධිධාරින්ගෙන් රටක් බලාපොරොත්තුවෙන්නේ ව්‍යවසායකත්වය. රැකියා උපදවීම. නමුත් අපේ රටේ සමහර උපාධිධාරීන් කියන්නේ මොකුක් කරන්න බැරි කොටසක් වෙලා. වෘත්තීය දැනුමක් ලබා නොදෙන කිසිම උපාධියකින් රටට පලක් නැහැ. විශේෂයෙන් කලා උපාධි සහ සමහරක් වාණිජ උපාධි. නිකමුන් බෝ වෙනවා විතරයි. අපරාදේ රටේ සල්ලි සහ ශ්‍රම බලකාය?
මේවා හෙළිකරපු හඳුන්හෙත්තිල ගැන කවුරුත් කතා කරන්නේ නැහැනේ... හරි ෂෝක්! අඩු ගාණේ තැන්ක් යූ කියලවත්.
මංගලලා, සජිත්ලා ඉස්සරහට දාගෙන එන්නේ ඔය සෙල්ලම් හොඳට කරන්න තමයි...
ඔක්කොම එකතුවෙලා ජවිපෙ එකට ඡන්දෙ දෙමු. එකෙක්වත් ඇමති නැහැ. ඉතින් කොහෙද රටක් හදන්න පුළුවන් මම නම් ජවිපෙ තමයි..
බලය ලබාගත් සෑම පක්ෂයක්ම 1970 සිටම මේ වැඩේ කරනවා. දේශපාලන හිතවත්කම් මත නුසුදුස්සන්ට රැකියා ලබාදීම මේ රට පිරිහීමට සහ රැකියා අසහනය ඇතිවීමට ප්‍රධානම හේතුවයි. දැන් පොරොන්දු දෙන දේශපාලන කණ්ඩායමුත් මේ වැඩේ ඉදිරියටත් කරන බව නම් සහතිකයි.
ඔය 1800 මංගලගේ සමනල්ලුද?
මහජන බැංකුවේ ලොක්කන් කරන මේ ජාතික අපරාධ දුප්පත් මිනිස්සු තැන්පත් කරන මුදල්වලට එන පොලියෙනුත් කොටසක් ගන්නවා මේවට සේවක සංගම් පාරට බහින්නේ නැත්තේ මොකද? තව කෝප් කමිටුවේ නිර්දේශ නොතකා එකෙකුට සේවා දිගුවක් දීලා මාසෙට ලක්ෂ 21 බැගින් ගෙව්වලු... තවත් කෝටි 2කට අාසන්න මුදලට ගත්ත බී.එම්.ඩබ්ලිව් කාර් එක ඒ මිනිහටම දීලලු.. තවත් කාර් එකක් අරන් ගිහිල්ලලු... ඉන්න හිතෙන රටක් මෙහෙමද හදන්නේ? මේ වගේ කාලකන්නි පාලකයෝ නිසා අද රටේ මහජනතාව අසරණ තත්වයට පත්වෙලා සේවක සංගම් කියන අයටත් මේවා පේන්නේ නැහැ. මෙහෙම ගියොත් මේ අායතන ඉතුරු වෙයිද?
මම අවුරුදු 5කට වැඩි කාලයක් මහජන බැංකුවේ වැඩකළා. දැනට මට බැංකුවේ ජොබ් එක නැහැ. ලොකු අසාධාරණයක් වුණේ. අවුරුදු 3ට වැඩි සියලුම දෙනා බැංකුවට බඳවා ගැනිමට ගැසට් එකක් ආවත් මාව අයින් කළා. වගකිව යුතු අදාළ බලධාරීන් දැනුවත් කළත් වැඩකු වුණේ නැහැ. අවසාන අගමැතිතුමා මෙන්ම. ජනාධිපතිතුමාව දැනුවත් කළත් වැඩක් වුණේ නැහැ.