(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා සමඟ ප්‍රසිද්ධ විවාදයකට සූදානම් බව සමගි ජනබලවේගයේ පත් කළ මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (11) පැවසීය.
මෙි ගැන විවෘත වේදිකාවක කතා කරමු යැයි ඉල්ලා සිටින බවද හරීන් ප්‍රනාන්දු මහතා කීය.
"සරත් වීරසේකර මහතා චෝදනා කිහිපයක් නැගුවා.මා පොලිසියට බයේ රෝහල්ගත වූ බව එතුමා කිව්වා.මා රෝහල් ගත වූයේ මගේ හදවත් සැත්කම් වෙනුවෙන්.ඕන්නම් පපුව ගලවා පෙන්වන්නම්.එක රටක් එක නීතියක් බලකාය දැන් අල්ලා දෙවියන් මහ මොලකරු බව කියනවා.සාදියාගේ රෙකෝඩින් එකේ කරුණු තියෙනවා.පාස්කු කොමිසමේ සම්පූර්ණ වාර්තාව සභාගත කරන්නැයි හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
මහජන ආරක්ෂක ඇමැති එක්ක ප්‍රසිද්ධ විවාදයකට සූදානම්
de silva Thursday, 11 November 2021 08:04 PM
පිස්සුද? වීරසේකර විවාද කරාවි ගවයෝත් එක්ක. ඔබතුමා සමග ප්‍රසිද්ධ විවාද කරන්න එයා එන්නේ නැහැ...
වෙනුර Thursday, 11 November 2021 08:19 PM
පැහැර හැරිය වගකීම වෙනතක යොමු කිරීමට ඔබ අපමණ උත්සාහයන් ගන්නා බව පෙනේ... සැබෑ ආවේගය හෝ ව්‍යාජ ආවේගය හදවත් රෝගියකුට හොඳ නැත.
Raveendra Thursday, 11 November 2021 09:25 PM
ඔර්ජිනල් දේශපාලුවෙකු වීමට තිබියයුතු එක මුලික සුදුසුකම වන්නේ වාචාල මුසල කටක් තිබිය යුතුයි. මේ වාචාලයාට එම සුදුසුකම ඉහළින්ම පිහිටා ඇති බව සතුටින් දැන්වීමට කැමැත්තෙමු. දැන්වත් උපන් රට ගැන හිතපියව්... තමන්ගේ පියා කියූ විස්තරය බැතිමතුන්ට ලැබෙන්න සැලස්වූවා නම් මේ මොහොතේත් ඒ සියලුම අහිංසකයන් ජීවතුන් අතර සිටින බව මේ මොහුට දැන්වත් නොතේරීම පවකි..
මහසෙන් Thursday, 11 November 2021 09:37 PM
අහිංසක ජීවිත බිලි දෙනකම් වහගන්න ඕන තැන් වහගෙන ඉඳපු තමුන්ලටයි, ඒ බිලි පූජාවෙන් මතුවුණු අනික් අයටයි ඒ මතින් බලයට එන්න හදන අයගෙයි රෙදි ගැලවිලා ඉවරයි. ගැලරි පිනවීමේ කතාවලට රැවටුණු කාලය ඉවර බව ඔය 225ම මතක තියාගන්නවලා. නීතියෙන් දඬුවම් නොදුන්නත් ස්වභාවධර්මයේ නීතිය ඒ සැමට වඩා බලවත්...
RaveendraFriday, 12 November 2021 05:38 PM
සහතික ඇත්ත. මේ 226ම හිතාගෙන ඉන්නේ ස්වභාව ධර්මය නමැති උසාවියෙන් බේරෙන්න පුළුවන් කියලා..."නුඹලා 226 විතරක් නොවේ, නුඹලාගේ "අඹුදරුවන්ද ස්වභාව ධර්මය නමැති උසාවිය ඉදිරියේ දඬුවම් ලබනු නියතයි...
Bamunuarachchi Friday, 12 November 2021 06:59 AM
මහජන ආරක්ෂක ඇමති වාචාලයෙක් නොවෙයි. ඒ ගොල්ලෝ වැඩකාරයින්. ඔහේ කරපු හරිය අපි දැක්කනේ පාස්කු ප්‍රහාරයේදී විවාදයට කතා කරන්නකෝ... මහින්දානන්දට, ජොන්සන්ට....
අබිලින් Friday, 12 November 2021 12:42 PM
බොරු බයිලා නැතුව සභාගත කිරීමට වඩා සතිඅන්ත පුවත්පත් වල කොටස් වශයෙන් පළකළොත් කවුද ඇත්ත කියන්නේ කියලා තේරුම් ගන්න පුළුවන්... අවුරුදු හැත්තෑ ගණනක් කලේ ඔවැනි බයිලා වැයීම පමණක් නේද? දැන්වත් විකාර' නවතා රට හදපල්ලා...
Chandima Friday, 12 November 2021 02:58 PM
ඕවා මේ ගුත්තිල මූසිල කාලෙ වැඩනේ...? වෙන වැඩක් ඇත්තේම නැතිද පින්පඩියට කරන්න..?