IMG-LOGO

2025 ජනවාරි මස 24 වන සිකුරාදා


මහාචාර්ය කාලෝ ‍ෆොන්සේකාගේ දේහය රාගම වෛද්‍ය විද්‍යාලයට බාරදෙයි

(නිමල කොඩිතුවක්කු)
 
කාලෝ ෆොන්සේකා මහතාගේ ඉල්ලීමක් මත ඔහුගේ දේහය අද(2) පස්වරුවේම රාගම වෛද්‍ය විද්‍යාලයට බාර කෙරිණි.
 
වෛද්‍ය ක්ෂේත‍්‍රය වෙනුවෙන් කැපී පෙනෙන සේවාවක් ඉටුකළ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අද(2) පෙරවරුවේ අභාවප‍්‍රාප්ත විය.

ගත් කතුවරයෙකු, ගේය පද රචකයකු, දක්ෂ කථිකයෙකු මෙන්ම ප‍්‍රකට විද්වතෙකු වන ෆොන්සේකා මහතා මිය යනවිට 86 වන වියේ පසු විය.
 
1933 මාර්තු 4 දින උපත ලැබූ කාලෝ ෆොන්සේකා මහතා මීගමුව මාරිස්ටලා විද්‍යාලයෙන් සිය මූලික අධ්‍යාපනයත් මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයෙන් ද්විතීය අධ්‍යාපනයත් ලැබීය.
 
ඉන් අනතුරුව කොළඹ විශ්ව විද්‍යාලයට පිවිසි ඒ මහතා එංගලන්තයේ එඩින්බරෝ විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධිය හිමි කර ගත්තේය.

ආචාර්යවරයෙකු හා මහාචාර්යවරයෙකු ලෙස  දශක හතරකට අධික කාලයක් වෛද්‍ය සිසු සිසුවියන් දහස් ගණනකට ශිල්ප  ලබා දුන් ඒ මහතා 2012 වර්ශයේදී ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ  සභාපතිධුරයට පත්විය. එතැන් සිට  2017 වසර දක්වා ඔහු ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ  සභාපතිධුරය හෙඹවීය.
 
වාමාංශික දේශපාලනයේ නැයැළුණුු ෆොන්සේකා මහතා ලංකා සම සමාජ පක්ෂයේ ප‍්‍රබල ක‍්‍රියාකරුවෙකි.
 
වෛද්‍ය ක්ෂේත‍්‍රයේ මෙන්ම සාහිත්‍ය කලාවේද උන්නතිය වෙනුවෙන් සුවිශාල සේවාවක් ඉටුකළ  මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා දෙස් විදෙස් කීර්තියට සහ ඇගයීමට පත් විද්වතෙකි.
 
‘රත්තරන් දුවේ අපේ රත්තරන් දුවේ’, ‘රුදුරු තුරු වදුලේ’, ‘රෝස කුසුමක් පිපී’ යන ගීත මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා විසින් රචිත ගීත වලින් කිහිපයකි.
 
වෛද්‍ය ක්ෂේත‍්‍රය ඇතුළු ක්ෂේත‍්‍ර කිහිපයක් සම්බන්ධයෙන් ලිපි සහ කෘති ලියා ඇති ඒ මහතා සමාජය වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් සිදු කර ඇත.මත්ද්‍රව්‍ය සහ දුම්වැටි විරෝධී සටනේ ප‍්‍රමුඛයකු වූ ඒ මහතා ප‍්‍රමුඛ පෙළේ සමාජ ක‍්‍රියාකාරිකයෙකි.  කාලෝ ෆොන්සේකා මහතා, සුරංග ෆොන්සේකා සහ ඉදුනිල් ෆොන්සේකා යන දූ දරුවන්ගේ පියාද විය.
 



අදහස් (15)

මහාචාර්ය කාලෝ ‍ෆොන්සේකාගේ දේහය රාගම වෛද්‍ය විද්‍යාලයට බාරදෙයි

sanjeewa Monday, 02 September 2019 11:36 AM

සමාදානයේ සැතපේවා..

:       103       204

Raveendra Monday, 02 September 2019 11:39 AM

ඔබතුමා විසින් ලියන ලද සුන්දර ගීතවලින් අපගේ වඩාත් සිත් බැඳගත් ගීතයක් වන "රත්තරන් දුවේ" ගීතය සවන්දෙන සෑම වාරයකම ඔබතුමාව අපගේ සිත්වලට තව තවත් ලංවෙනවා.. ඔබතුමාට නිවන් සුව අත්වේවා...!!

:       40       162

ranjith Monday, 02 September 2019 12:06 PM

මහාචාර්යවරයෙක් විදියට, වැදගත් විදියට සමාජ මෙහෙවර කරපු විද්වතෙක් දේශපාලනය කරත් ප්‍රතිපත්තියක් පිහිටලා කටයුතු කරේ අද කලේ දේශපාලනේ කරන්න එකතු වෙලාඉන්න දෙකේ කොලේ මහාචාර්යවරුන්ට ආදර්ශයට ගත හැකි බුද්ධිමතෙක්..

:       214       507

kolam boss Monday, 02 September 2019 12:38 PM

දැන් ඉතින් මෙතුමා නැති හින්දා රන්ජන්ට, තමන්ට හිතෙන නෑකමක් කියන්න පුළුවන්... තාත්ත වුණත් කියන්න පුළුවන්...

:       639       476

PATHUM Monday, 02 September 2019 03:17 PM

මහදුරුතුමණි, වෙදදුරුතුමණි, විද්වතාණෙනි, විධග්ධයාණනි, ඔබතුමාගේ අතින් ගිලුහුණු යෂ්ටිය යළි අතට ගන්නේ කවරෙක්ද? ඔබතුමා නැවත වරක් අප වෙතටම එන්න.!!!

:       256       358

රොෂාන් Monday, 02 September 2019 03:46 PM

ලංකාවේ වර්තමාන දොස්තරලා දෙස බැලුවිට, මෙතුමා කල කාර්යභාරය ඕනෑම කෙනෙකුට හිතා ගන්න පුළුවන්. මෙතුමා නැවත මේ ලංකාවේම රජයේ රෝහලක උපත ලබා එතුමා සෞඛ්‍ය ක්ශේස්ත්‍රය වෙනුවෙන් කල උතුම් සේවය එතුමාටම අවබෝධ කර ගන්න ලැබේවා. මෙතුමා වටිනා ගීත කීපයක්ම සංගීත ක්ශේස්ත්‍රයට දායාද කොට තිබෙනවා.

:       21       104

kule Monday, 02 September 2019 06:14 PM

කළෝ රචිත ගී එකතුවක් වූ කාලෝචිත ගී අද නිහඩ වී ඇත ඔබ තුමාට නිවන් සුවය ලැබේවා.

:       0       14

Rohan Dayadara Paris Monday, 02 September 2019 06:17 PM

අජරාමර නිවන් සුව පතමු ...!!!

:       0       13

විජිත් Monday, 02 September 2019 06:29 PM

මට අවරුදු 17 - 18 කාලයේ මගේ ලෝකයේ හිටපු ලොකුම ලොකු වීරයෙක්.මෙතුමා,ලයනල් කියලා කෙනෙක්, වෛද්‍ය විද්‍යාලයේ හිටපු ශිෂ්‍යයින් වගයක් එකතුකරගෙන කතරගම ගිහින්, කතරගම දේවාලයේ සාමිට චැලේන්ජ් කළා ගිනිපාගන්න දේව හාස්කමක් ඕන නැහැ ,අවශ්‍ය පාදයේ යටි පතුලේ අවම ගනකමක් පමණයි ' කියලා.ඉතින් ඒ කාලයේ පත්තර වලින් මේ ගිනි පැගිල්ලට සැහෙන ප්‍රචාරයකුත් දුන්නා.මමයි, එතකොට කොළඹ වයිද්‍ය විද්‍යාලයේ ඉගෙන ගත්ත මගේ අක්කලා දෙන්නයි මීගමුවේ ඉඳලා කතරගම ගියා මේ ගිනි පැගිල්ල බලන්නම.කාලොට චියර් එක දෙන්න. අන්තිමේදී මේ අයයි,දේවාලේ අයයි තරඟෙට ගිනි පෑගුවා.දේවාලේ අයගෙන් කිහිප දෙනෙකුගේ පාද පිලිස්සී තිබුනා.කාලෝගේ කණ්ඩායමේ අයගේ පතුල් පිලිස්සී තිබුනේ නැහැ.නමුත් කෝවිලේ සාමිලා දෙවෙනි තරඟයේදී කාලෝලාට හිරිහැර කළා.වරක් ගිනි මැලය හරහාට ලොකු ලි කොටයක් දමා කාලෝගේ කට්ටියව අධෛර්ය කරන්නටත් උත්සහ කළා.අන්තිමේදී කෝවිලේ අයකිවා ඒගොල්ල දිනුම් කියලා.කාලෝ කීවා කලොගේ කට්ටිය දිනුම් කියලා.මම හිතන්නේ එතුමාගේ තිබු භව්තිකවාදී අදහස් එතුමා වයසට ගිය පසුත් තිබුනා.මම හිතන්නේ මැරෙනකම්ම ඒ මතයේම තමයි හිටියේ. සුබ ගමන් මහත්මයාණෙනි.

:       54       66

පුෂ්පකුමාරTuesday, 03 September 2019 06:57 AM

මෙතුමා මිත්‍යාවට එරෙහිව සිදු කළ සේවය නිසායි අද අපේ රට මිත්‍යාවෙන් සම්පුර්ණයෙන්ම මිදී සිටින්නේ. අපේ රටේ රාජ්‍ය නායකයින්ව පවා මෙතුමා මිත්‍යාවෙන් ගලවා ගත්තා. ලෝකේ කොහෙවත් නැති වෛද්‍යවරු ලංකාවේ බිහිකිරීමට මෙතුමා මුලික වී තිබෙනවා. මෙතුමා රචනා කළ ගීත පමණක් නොවේ වටිනා බයිලා ගීතත් අපේ ශ්‍රාවකයින්ට දායාදයක්. මෙතුමා බහිකල ප්‍රඥාවන්තයින්ට පින්සිදු වෙන්න අපේ රට අද ලෝකයේ සංවර්ධිතම රට බවට පත්වී තිබෙනවා.

:       14       7

විකුම් රංගන Monday, 02 September 2019 09:05 PM

ලංකාවේ පවතින පෞද්ගලික රෝහල් සෞඛ්‍ය සේවය වෙනුවෙන් මෙතුමා මාර සේවයක් ඉටුකොට තිබෙනවා. ඉන්දියන් සුවසැරිය ගිලන් රථ සේවයට දොස්තරලා විරුද්ධ වෙද්දී, මෙතුමා වචනයක් වත් කතා නොකළේ ප්‍රඥාව හා බුද්ධිය වැඩි කමටයි. මම නම් ප්‍රර්ථනා කරන්නේ මෙතුමා, නැවත ලංකාවේම ඉපදින්න කියලයි.

:       56       45

jayath Tuesday, 03 September 2019 03:15 AM

මේ නිවිලා ගියේ මහා නැණ පහනක් . මෙතුමා කලාතුරකින් පහළවෙන අපූරු මනුස්සයෙක් කායික විද්‍යාව පිළිබඳව මහාචාර්ය වරයෙක් , ද්වි භාෂා උගතෙක් ( මෙතුමාගේ ඉංග්‍රීසි බාෂාව හැසිර වීම අපූරුයි ) ගීතරචකයෙක් , තනු නිර්මාපකයෙක් ( අප්‍රසිද්ද වික්ටර් ගේ සින්දුවක් තියෙනවා හරිම ලස්සනයි -ප්‍රසිද්ද ඔය රත්තරන් දුවේ , රුදුරු තුරු වදුලේ වගේ ඒවා නෙව ) මේ ඔක්කොට ම වැඩිය මිත්‍යාවට තදින් එරෙහි උන කෙනෙක් 70 දශකයේ අග වෙන්න ඕන ගිනි පෑගීමේ ඇති විද්‍යාත්මක සත්‍යය මෙතුමා හෙළිදරව් කළා කපුවෝ මිත්‍යා දෘස්ටිකයෝ " නන්නත්තාර "වෙන්නම . හොඳ වාමන්ශිකයෙක් එතුමාගේ අඩුව පුරවන්න බැරි උනත් අපි එතුමා කල දේවල් ගැන සතුටුවෙමු

:       73       91

JAYATH Tuesday, 03 September 2019 04:43 AM

විජිත් මම ලිපිය දිග වැඩි නිසා නොලියපු දෙයක් ඔයා ලියල තිබුන ස්තුතියි අර ගිනි පෑගීමේ නාටකය ඔය විදියටම තමයි උනේ ඔයා කියපු කාල වකවනුත් හරි මට යන්තම් මතක තව දෙයක් තියනව ඔය කියන කතරගම සිද්දියට පස්සේ ඒ මහතා අත්තිඩියේ එකක් ලේස්ති කර හැබැයි මගේ මතකය නිවැරදිනම් එක ට අර කපුවෝ අවේ නැහැ ! මොනවා උනත් මෙතුමා මිත්‍යාවට එරෙහිව ගෙනගිය සටන අපට ඒකාලේ වගේම දැනුත් ආහ්ලාදජනකයි

:       55       26

wasantha Tuesday, 03 September 2019 12:00 PM

ඔබ රට, ජාතිය වෙනුවෙන් කැප කළ සේවාව සදා අමරණීයයි. ඔබට නිවන් සුව..!!! 

:       0       0

sampath Wednesday, 04 September 2019 10:15 AM

මෙතුමාට රාජ්‍ය ගෞරව දැක්විය යුතුයි. ඒ වගේම විද්‍යා විද්‍යාලයක් හදලා මෙතුමා නමින් එය නම් කරන්නේ නම් ඉතා හොඳයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

ඇමති වියදම් ගැන ජනපති ලේකම්ගෙන් චක්‍රලේඛයක්
2025 ජනවාරි මස 24 96 0

රජයේ අමාත්‍යවරුන්ගේ, නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩලයේ පහසුකම් සම්බන්ධයෙන් සීමා පනවමින් ජනාධිපති ලේකම් ආචාර්ය සනත් කුමානායක මහතා වි


පළාත් කීපයකට අදත් තද වැසි
2025 ජනවාරි මස 24 35 0

ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකළපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මදුරන්කුලියේ වත්තක මුරකරුට වෙඩි තියලා
2025 ජනවාරි මස 24 111 0

මදුරන්කුලිය උනාවෙලිය හෙට්ටිවත්තට ආයුධ සන්නද්ධව කඩා වැදිනු පිරිසක් සිදුකල වෙඩි තැබිමකින් එම වතුයායේ මුරකරු තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇ


ට්‍රම්පේ යෝජනාවට රුසියාවෙන් ප්‍රතිචාර
2025 ජනවාරි මස 23 3918 0

යුක්රේන යුද්ධය අවසන් කර සාම සාකච්ඡා මේසයට පැමිණෙන ලෙස ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාවට කළ යෝජනාවට පළමුවරට ප්‍රතිචාර දක්වමින් සාම සාකච්ඡා


ට්‍රම්ප්, බයිඩන්ට දෙහි කපයි
2025 ජනවාරි මස 23 1765 0

ඇමෙරිකාවේ නව ජනපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව සිය ප්‍රථම සම්මුඛ සාකච්ඡාවට පෙනී සිටිමින් ජනපති ට්‍රම්ප් හිටපු ජනපති ජෝ බයිඩන් විවේචනය කර ඇතැයි ව


හොර වෛද්‍ය වාර්තාවක් දුන් නිර්වින්දන වෛද්‍යවරයා රිමාන්ඩ්
2025 ජනවාරි මස 23 1012 0

තීරූ බදු රහිත බලපත්‍ර වලට විදේශ රටවලින් වාහන ගෙන්වා දෙන බව පවසමින් වෛද්‍යවරුන්ගෙන් මුදල් ලබාගෙන සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා ලැබ සිටින නිර්වින්දන වෛ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 13 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 519 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 637 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site