IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මාස 9 බිළිදාත් - මවත් පරිවාසයට

(රොමේෂ් මධුෂංඛ)

                    

යාපනය අරියාලෙයි මණීයන්තොට්ටම් ප්‍රදේශයේ මාස 09 ක් වයසැති කුඩා දරුවෙකුට අමානුෂිකව පහරදුන්නේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් දරුවාගේ මව දරුවා ද සමඟ මාර්තු මස 9 වැනිදා දක්වා පරිවාස බාරයේ තබන ලෙසට යාපනය මහෙස්ත්‍රාත් පීටර් පෝල් මහතා නියෝග කළේය.

කුඩා දරුවෙකුට කාන්තාවක් විසින් ඉතා අමානුෂිකව පහරදෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ අදාළ කාන්තාව යාපනය නල්ලූර් ළමාරක්ෂණ අධිකාරියේ නිලධාරීන් සහ යාපනය පොලීසිය එක්ව අත්අඩංගුවට ගෙන යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබුණි.

24 හැවිරිදි  කාන්තාව කුවේට් රාජ්‍යයේ සිට යාපනයේ පදිංචියට පැමිණ ඇති අතර කාන්තාවගේ සැමියා විසින් කුවේට් සිට තමන්ට ජීවත්වීමට අවශ්‍ය මුදල් ලබා නොදීම හේතුවෙන් තමන් මානසික පීඩනයකට ලක්ව සිටි බවට කාන්තාව පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්වේ.

කෙසේ වෙතත් අදාල කාන්තාවගේ නිවස අවට ප්‍රදේශවාසීන් පවසා සිටියේ මෙලෙස කුඩා දරුවාට දින කිහිපයක්ම පහරදීමෙන් දරුවා හඩන ශබ්දය තමන්ට ඇසුණු බවටත් දරුවාට පහරදී එය වීඩියෝ කර විදෙස්ගතව සිටින සැමියාට යැවීමට මෙම කාන්තාව කටයුතු කරන බවයි.

කෙසේ වෙතත් මාස 09 ක් වයසැති බිළිඳා සහ මව යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 09 වනදා දක්වා බිළිඳා සමග මවද පරිවාස බාරයට යොමු කිරීමටත් මවගේ මානසික වෛද්‍ය වාර්තාවක් ද ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසට යාපනය මහෙස්ත්‍රාත් පීටර් පෝල් මහතා නියෝග කර සිටියේය.

 



අදහස් (1)

මාස 9 බිළිදාත් - මවත් පරිවාසයට

ගයාන් Wednesday, 03 March 2021 11:19 AM

මේ අයගේ අමාරුවට ළමයි හදාගෙන වගේනේ... පව් අහිංසක ළමයි...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site