IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මස් පළුව ඇතුළේ දුරකතන-මත්කුඩු පැකට්

(ජයන්ත සමරකෝන්)

කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරුවකු බැලීමට පැමිණි පුද්ගලයකු ගෙනා කෑම පාර්සලයක, කුකුළු මස් පලුවක තිබී ජංගම දුරකථන 2ක් සහ මත්කුඩු පැකට් 2ක් අද(26) සොයාගත් බව එම බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි.
 
කෑම පාර්සලය පිළිබඳව සැක සිතී කළ පරීක්ෂාවේදී බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් මෙම උපකරණ සමඟ සැකකරු පොලිසියට භාර දී ඇතැයි පැවසේ.
 
මෙම ජංගම දුරකතන සහ මත්කුඩු පැකට් කුකුල් මස් පලුවේ සූක්ෂම ලෙස සඟවා තිබූ බව එහි ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවැසීය.
 
කුකුල් මස්  ව්‍යාංජනයකින් දුරකතන හමුවූ ප්‍රථම අවස්ථාවද මෙය බව එම ප්‍රකාශකයා කීය.
 
සිද්ධිය පිළිබඳව බොරැල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (6)

මස් පළුව ඇතුළේ දුරකතන-මත්කුඩු පැකට්

Rasika Pradeep Tuesday, 26 November 2019 12:11 PM

අර අහිංසක මනුස්සය අපරාදේ නිකන් බොරුවට අල්ලාගත්තේ. ඔය කුකුළා ‍ෆෝන් දෙකක් කාලා තිබුන වෙන්න බැරිද ?

:       0       1

wije Tuesday, 26 November 2019 04:50 PM

මොනතරම් දියුණු දක්ෂ ජාතියක්ද අපේ රටේ ඉන්නේ. බලන්න මේ තරම් දෙයක් සූක්ෂම විදියට කරන්න මොන තරම් මොලයක් දක්ෂකමක් හැකියාවක් තියෙන්න ඕනද. ඒ වගේම මේ දේ අල්ලගන්නත් ඊට නොදෙවෙනි හැකියාවක් දක්ෂකමක් මොලයක් තියෙන්න ඕනා. මට නම් තියෙන පුදුමේ මෙච්චර දියුණු අති දක්ෂ මිනිස්සු ඉන්න අපේ රට ඇයි තවමත් සංවර්දනය වෙලා නැත්තේ කියලයි.

:       8       8

T.F.Wednesday, 27 November 2019 02:26 AM

හරියට හරි.

:       0       1

ThanujaWednesday, 27 November 2019 03:20 AM

තේරෙන්නේ නැත්තෙ මේ ඇත්තටමද කියලා. බන්ධනාගාර වල මේ කොයි තරම් දේවල් වෙනවද පොලිස් නිලධාරින් ඉදිරිපිටම.

:       0       0

sam Wednesday, 27 November 2019 03:04 AM

හොරකමට තමා මොලේ යොදවන්නේ. ඒකයි දියුණුවක් නැත්තේ. හොරාව තමා තෝරා පත් කරගන්නේ.

:       0       1

eresh S kumara Wednesday, 27 November 2019 04:20 AM

පුළුවන් නම් මාළු කැල්ලක වුනත් අපේ අය දුරකතන හන්ගයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 404 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 233 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1022 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site