(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඉකුත් ජනවාරි පළමුවැනිදා සිට පෙබරවාරී 25 වැනි දින දක්වා දිවයිනපුරා සිදුවු මාරක රිය අනතුරු 434 කින් පුද්ගලයන් 457 කු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය
යතුරුපැදි 177 ,ලොරි රථ 65ක් ,තීරෝද රථ 58 හා වෑන් රථ 28 සහ අනෙකුත් වාහන අඩු වශයෙන් භාජනය වී ඇතැයි මාධ්‍ය ප්‍රකාශක වරයා කීය
එකී කාලය තුළ බරපතළ තුවාල සිදු වූ අනතුරු 861 ක් සිදුවී ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා කීය
පසුගිය 29 දින සිට 25 වැනි දින දක්වා දිවයිනේ සිදු වූ මාරක රිය අනතුරු 43 කින් පුද්ගලයන් 44 දෙනකු මියගොස් ඇතැයි ද එකී කාලය තුළ බරපතල රිය අනතුරු 120 ක් හා සුළු රිය අනතුරු 173 සිදුවී ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd