IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මස්සිනාගේ පොලු පහරකින් විශ්‍රාමික යුද හමුදා සෙබළා මරුට

(කේෂර ගුණතිලක)
 
පවුල් ආරවුලක් දුරදිග යාමෙන් අද (14) අලුයම පොල්ලකින් පහරදීමකින් විශ්‍රාම පූර්ව නිවාඩු ලබාසිටි යුද හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි මොනරාගල පොලීසිය පවසයි.
 
මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ මොනරාගල බටුගම්මන දෙබැද්දේකිවුල පදිංචි බී.එස් සුරංග ඉන්ද්‍රජිත් වීරකෝන් (42) නැමති තිදරු පියෙකි.

ඔහු යුද හමුදාවේ සේවය කර විශ්‍රාමයාම සඳහා විශ්‍රාමපූර්ව නිවාඩු ලබාගෙන නිවසට පැමිණ සිටියදී  බීමත්ව බිරිඳට සහ දරුවන්ට බැනවදිමින් පහරදී ඇත.
 
ඒ අසල පදිංචිව සිටින බිරිඳගේ බාල සහෝදරයා පැමිණ මස්සිනාට රණ්ඩු නොවන ලෙස අවවාද කැර ඇත.
 
එම අවස්ථාවේදී දෙදෙනා අතර ගැටුමක් ඇතිවී බිරිඳගේ මල්ලී මස්සිනාට පොල්ලකින් පහරදී ඇත.
 
යුධහමුදා සෙබලා එම පහරදීමෙන් නිවස ඉදිරිපිට මිදුලේදීම මියගොස් ඇත.
 
මෙම ඝාතනය  පිළිබඳව මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද (14) පැවැත්වීමට නියමිතව තිබිණි.

සැකකරු පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
 



අදහස් (0)

මස්සිනාගේ පොලු පහරකින් විශ්‍රාමික යුද හමුදා සෙබළා මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 28 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site