IMG-LOGO

මුස්ලිම් පල්ලියක රැඳී සිටි දෙදෙනෙක් සැකපිට අත්අඩංගුවට

(රෝහණ සමරවීර)
 
රක්වාන ප‍්‍රදේශය ආශ‍්‍රිතව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී  මුස්ලිම් පල්ලියක රැඳී සිටි පුද්ගලයන් දෙදෙනෙකු  අද(03)  සැකපිට අත්අඩංගුවට ගත් බව රක්වාන පොලිසිය කියයි.
 
අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්පාර අක්කරෙයිපත්තුව ප‍්‍රදේශයේ පදිංචි මොහොමඩ් හනිපා මෙහොමඩ් අස්ලම් සහ අනිපා මොහොමඩ් අස්ලම් නැමැති පුද්ගලයන්ය.
 
මෙම සැකකරුවන් 20 සහ 26 යන වයස්වල පසුවන්නන් බවද පොලිසිය කියයි. 
 
මෙම තරුණයන් දෙදෙනා දින ගණනාවකට පෙර රක්වාන ප‍්‍රදේශයට පැමිණ ඇති බවට තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.
 
පොලිසිය හා විශේෂ කාර්ය බලකාය රක්වාන උක්වත්ත ශ‍්‍රි ලංකා තවිසික් ජමාත් මුස්ලිම් පල්ලිය වටලන විට  එම සැකකරුවන්  පල්ලිය තුළ රැඳී සිටි බවත්  ඔවුන් පරස්පර අදහස් ප‍්‍රකාශ කිරීම ගැන සැක සහිත බවත් පොලිසිය පවසයි.
 
රක්වාන පොලිසිය පොලිස් විශේෂ කාර්ය බලකාය ත‍්‍රස්ත විමර්ශන ඒකකය එක්ව කළ සෝදිසියකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

 



අදහස් (1)

මුස්ලිම් පල්ලියක රැඳී සිටි දෙදෙනෙක් සැකපිට අත්අඩංගුවට

Amarabandu Friday, 03 May 2019 10:42 AM

එල එල... ඔක්කොම ශ්‍රී ලංකා සහ සිලෝන් තවුහිද් ජමාත් වටලන තුරු අප අවදියෙන්..

:       0       70

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 462 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 631 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 256 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site