(විනීතා ගමගේ)
සාමාන්‍ය මුස්ලිම් ජනතාව දැන් ඉන්නේ කම්පන අවස්ථාවක බවත් ඔවුනට ආරක්ෂාව අවශ්‍ය බව රජයට කියා සිටින බවත් සමස්ත ලංකා ඉස්ලාම් විද්වතුන්ගේ සංගමයේ තරුණ කටයුතු ලේකම් අස්ලම් නුරාවි මවුලව්තුමෝ පැවැසූහ.
කිසියම් අන්තවාදී මතයක ඉන්න තරුණයන් ඉන්නවා නම් හඳුනගන්න කියලා මේ වනවිට පල්ලිවලට කියා තිබෙන බව ද මවුලව්තුමෝ කීහ.
සමාජ ජාලවල නොයෙක් දේ හුවමාරු වුණත් මෙවැන්නක් වේයැයි තමන් නොසිතු බව පැවසූ අස්ලාම් නුරාවි මවුලවිතුමෝ ‘මේ ප‍්‍රහාර එල්ලවීම ගැන දැනගෙන හිටියා... අපි දන්නවා...’ කියා රජයේ නියෝජිතයන් පොඩි ළමයි මෙන් කියනවිට තමන්ටත් ලැජ්ජා සිතෙන බව ද පැවසූහ.
බොරැල්ල අගරදගුරු නිල නිවසේ අද (22) පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් මවුලවිතුමෝ මෙසේ ද කීහ.
”අපේ දරුවො පල්ලියට යන්න බයයි. කෝවිලට යන්න බයයි. ආගමේ මැදිහත් කම ආරක්ෂාව නැහැ කියන මතයක් දැන් තිබෙනවා...අපි දැනුවත් කරල තියෙනවා. නමුත් කි‍්‍රයාත්මක වෙලා නැහැ කියා පෙනෙනවා. නමුත් අපට නීතිය අතට ගන්න බැහැ. මිනිස් ජීවිත ආරක්ෂා කරන්න අපටත් වගකීමක් තිබෙනවා”
”මේ ත‍්‍රස්ත කණ්ඩායම් මොන නමින් හිටියත් මේ වගේ ප‍්‍රහාර එල්ල කරන පිරිස් මනුෂ්‍ය ජාතියේ වෙන්න බැහැ. මේ මානසික රෝගීන් රෝගී තත්ත්වයෙන් මුදවා ගන්න ලැබේවා කියා පතනවා...”
”ජීවිත ගණනාවක් අහිමි වුණා..... සමාජ මාධ්‍ය තුලින් මුස්ලිම් සමාජයට දිගටම එල්ල කරන චෝදනා වලට එරෙහිව අපි හා අත්වැල් බැඳගැනීම ගැන අපි මේ ස්වාමින් වහන්සේලාට ස්තුති වන්ත වෙනවා”
මේ තත්ත්වය තුළින් අපගේ ආරක්ෂාව පිළිබඳ ප‍්‍රශ්නයක් ඇති වෙලා තිබෙනවා. රජයෙන් ඉල්ලන්නේ අපට ආරක්ෂාව දෙන්න කියලයි... දෙවියන් වහන්සේගේ සහ ඉන් පසුව රජයේ ආරක්ෂාවයි අපි බලාපොරොත්තු වෙන්නේ. මහජන මුදලින් පාලනය වන මේ රටේ මේ වගේ ජීවිත විනාශවීම් වලකා ගන්න බැරි ඇයි? ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සැකකටයුතු අය අත්අඩංගුවට ගන්න බැරි ඇයි?
”ජීවිත 290 කට විනාශ වුණාට පසුව නම් ක‍්‍රියාත්මක වුණේ මොකක් නිසාද එහෙම වෙන්නේ කියා සොයා බැලිය යුතුයි”
”අපි සියලූ දෙනා එක්ව ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් ගොඩ නගා ගැනීමට සූදානම් වෙමු. මේ ප‍්‍රහාරවලින් කවුරුවත් දිනන්නේ නැහැ. රටේ ආර්ථිකය වැටෙනවා විතරයි. වගකිව යුතු මුස්ලිම් වැසියෙක් ඉන්නවා නම් ඒ අය අත් අඩංගුවට ගන්න අපේ සහය දෙනවා” යැයි ද මවුලවිතුමා කියා සිටියේය.


(ඡායාරූප - චතුර එස්. කොඩිකාර)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමාන්‍ය මුස්ලිම් වැසියන් ගැන කිසිඳු ගැටළුවක් නැතත්, ඔවුන් ත්‍රස්තවාදීන්ට හෝ අන්තවාදීන්ට උදව්දීම වැළැක්වීමට ඔවුන් විසින්ම පියවර ගත යුතුයි. ආගමික අන්තවාදයකට තම වර්ගයා තල්ලු කරන යම් පිරිසක් වේද සූක්ෂමව ඔවුන් ගැන ආරක්ෂක අංශ දැනුවත් කළ යුතුය... ඒ කිසිවක් නොකර මෙවැනි බිහිසුණු තත්වයක් නිර්මාණය වූ පසු අප අහිංසකයින් යයි කියා පලක් වන්නේ නැත. අනෙක් පසින් ඕනෑම රජයක් රටක ආරක්ෂාව ගැන ඇති බැදීම විහිලුවකට නොගත යුතු අතර සුළු තොරතුරක් උවත් ඒ ගැන දැඩි අවධානයක් දිය යුතුය. කාත්තන්කුඩි වල ක්‍රියාත්මක වන වෙනම නීතිය ගැන රජය දැන්වත් සිහිබුද්ධියෙන් කටයුතු කර මොවුන්ගේ සියලු සංවිධාන හා ආගමික පාසල් දැඩි නියාමනයකට ලක්කළ යුතුය...
දෙවියන් වහන්සේගේ සහ ඉන් පසුව රජයේ ආරක්ෂාවයි අපි බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම වෙන දේ තේරුම් ගත්තොත් ඇති. දෙයියෝ කෙසේවෙතත් ආරක්ෂක අංශයේ අය හිටියේ නැතිනම් කොහොමත් රිටර්න් හම්බවෙනවා.
රටේ බහුතරය අප ශ්‍රී ලාංකීය ජාතිය ලෙස තේරුම් ගෙන ඒ අනුව කටයුතු කරමින් සිටිති. එහෙත් අන්තවාදී ආගමක් මුල්කරගෙන සිදුකරන ත්‍රස්තවාදී ක්‍රියාවන්ට පළමුව එරෙහි විය යුත්තේ සැබැ මුස්ලිම් ජනතාවයි. නමුත් මුස්ලිම් නායකයන්ගේ පටන් බහුතරයක් තුල එවන් හැසිරීමක් දකින්නට නැත
මේ අවාසනාවන්ත සිද්දිය ගැන අපි බොහොම කනගාටුවෙනවා. ඉස්ලාම් ආගමට සමීපතම ආගම ක්‍රිස්තියානි හා යුදෙව් ආගම වෙලා තිබියදීත් පිරිසක් විසින් ආගමේ නාමයෙන් කරපු මේ අමනුෂ්‍ය ක්‍රියාව තරයේ හෙළ දකිනවා
මෙවන් අවස්ථාවක අපට අවශ්‍ය සාමය. සංහිදියාව හා එකිනෙකාට උදව් කරගැනීම පමණි. මනුශ්‍යත්වයේ නාමයෙන්!!
දැන් බොරුවට අඩන මුස්ලිම් ආගමික නායකයෝ ඔක්කොම පහුගිය අවුරුදු ගානක් තිස්සේ දැනන් හිටියා මේ අන්තවාදී අය ගැන හැබැයි කිසි දෙයක් කරේ නැහැ. දැනුත් කතා කරන්නේ තමන්ගේ මිනිස්සු ගැන මතක තියාගන්න ඔබ තුමාල ඔබලාගෙ මුස්ලිම් සමාජය තුල ආකල්ප වෙනසක් ඇති නොකෙරුවොත් විශාල ප්‍රශ්න රාශියකට මුහුණ දෙන්න වෙන බව
තමන්ගේ දෙවියෝ හැර වෙන දෙවියෝ නැහැ කියලා උදේ හවා කිව්වත් අපි තමා ආරක්ෂාවෙන්න ඕනේ... දැන් බොරුවට බයිලා ගහනවා. දැන් සැබෑ නිරුවත හෙළිවුණාම අහිංසක දුර්නිරූපනය දානවා. නැගෙනහිර තනිකර ගෝනි බිල්ලෝ වගේ සමාන්තර සමාජයක් වෙනම හදලා රටේ නීතිරීති පිළිපදින්නේ නැහැ.
මුස්ලිම් ජනතාව නිසා අපි කම්පනයෙන් !!!
නුඹලා විතරක් නෙවෙයි මේ රටේ හැම ජාතියම බයෙන් ඉන්නේ.
සිංහලයින්ට තිබුණු හොඳම අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත්තේ නැහැ කියා මට සිතෙනවා...
අන්තවාදීන් නිසා සාමාන්‍ය ජනතාවගේ මනස විකෘති කිරීම තමයි මේකට හේතුව... 70 දශකයට පෙර ලස්සන සමාජයක් ලෝකය පුරා පැවතීය. නමුත් 70 දශකයෙන් පසු මූලධර්මවාදීන් නිසා මුස්ලිම් සමාජය විනාශවෙලා තියෙනවා.
පොලිස් විමර්ෂණ අවසන් වනතෙක් මෙය කළේ කවුරුන්දැයි හරියටම කියන්න බැහැ. එතෙක් ඉවසන්න... නැත්නම් අනවශ්‍ය ගැටළු ඇති වෙලා රට අගාධයට යන එක තමයි වෙන්නේ...
මේ නිසා අපිත් ඉන්නේ හරිම බයෙන්. මොකද කොයි වෙලේ අපිට දෙයිද කියා නොදන්නා නිසා...
සිංහල මිනිස්සු දැන්වත් තේරුම් ගන්න ඕනෑ මොකද්ද මේ වෙන්නේ කියලා..? ආගමේ නාමයෙන් යුද්ධ කරන එක මිනිස්සු මරන එක ඉස්ලාමයට අනුව අරුමයක් නෙවෙයි. ඒක අතීතයෙත් එහෙමයි අනාගතයටත් වෙනසක් නෑ. සහජීවනය තියෙන්නේ තමන්ගේ බලය වර්ධනය කරගන්න කල් විතරයි.. ඊට පස්සේ වැඩ පටන් ගන්නේ කඩුවෙන්, තුවක්කුවෙන්, බෝම්බෙන්... ඒ සිංහල ලේ කවලම් වෙලා සිංහල සමාජයේ එකට හැදුණු වැඩුණු අය හිටියා ... දැන් එහෙම අය අඩුයි. දැන් ඉන්නේ පොතේ කියලා තියන විදියට වැඩ කරන අය...
ඉන්න විදියට පේනව කම්පනයෙන්ද නැද්ද කියලා. අපි නොදන්න මේ ගොල්ලන්ගේ කෙරුවාව.
මේ සියලු ව්‍යවසනයන්ට හේතුව බලලෝභී දේශපාලකයින්ගේ හැසිරීමයි.. එදත්, අදත් වෙනසක් නැහැ. සියලුදේ විනාශකර අවසන්...
අපොයි මෙයා කතාකරන්නේ බබා වගේනේ..
මේ ආණ්ඩුව ගෙදර යවමු.
මේ මොහොත රටක් විදියට අපි හැමෝටම විපතක් උන මොහොතක් විදියට සලකල අපේ අදහස් ප්‍රකාශ කරමු. රටේ ආරක්ෂාව සහ නීතිය ආණ්ඩුවට අදාල දෙයක්. අපි හැමෝටම ඕනේ සංසිදීම නම් අපි වෛරය ඇත අරින්නම වෙනවා.