(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බොරලැස්ගමුව සමූපාකාර මාවතේ නිවසක් වටලා ව්‍යාජ රබර් මුද්‍රා,ගොඩනැගිලි සැලසුම් සමඟ මුස්ලිම් ජාතික ගෘහ නිර්මාණ ශිල්පියෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය කියයි.
ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීමට යොදා ගන්නා ව්‍යාජ මුද්‍රා,ව්‍යාජ ලෙස අනුමත කරන ලද නිවාස සැලසුම්,ලියාපදිංචි ආයතනයක සහතික පත්‍ර හා නිර්මාණය කරන ලද නිවාස සැලසුම් රැසක් පොලිසිය භාරයට ගෙන ඇත.
එම නිවසේ හිමිකරු ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වල යෙදෙන බවට හා නිවසේ පුපුරණ ද්‍රව්‍ය තිබෙන බවට විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයට ලද තොරතුරක් අනුව එම නිවස පරීක්ෂාවට ලක් කර ඇතැයි පොලිසිය කියයි.
අත් අඩංගුවට ගත් පුද්ගලයා අදින ලද නිවාස සැලසුම් නගර සභාව විසින් අනුමත කළ බවට ව්‍යාජ මුද්‍රා යොදා ගන්නා බවට පරීක්ෂණ වලදී හෙළි වූ බව පොලිසිය කියයි.
ඉදිකරමින් පවතින මෙම පුද්ගලයාගේ නැගණියගේ නිවසට රත්මලාන ගුවන් පථය ද හොඳින් නිරීක්ෂණය වන බව පොලිස් විමර්ශන වලදී හෙළි වී ඇත.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
මුස්ලිම් ජාතික ගෘහ නිර්මාණ ශිල්පියෙකු බොරලැස්ගමුවේදී අත්අඩංගුවට