(විජේරත්න රත්නායක)
ටී-56 පතුරොම් 152 ක්ද සමඟ සැකපිට අත්අඩංගුවට ගත් මුස්ලිම් ජාතික පාසල් ගුරුවරයා ඇතුළු පුද්ගලයින් තිදෙනා පිළිබඳ පරීක්ෂණ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට භාරදුන් බව බණ්ඩාරවෙල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා අද (08) පැවසීය.
ඉකුත් 21 වැනි දින සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයට අදාළව අප්‍රේල් 22 වැනි දින සිදුකරන ලද සෝදිසියේදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දියතලාව කහගොල්ලේ පදිංචි හා එම ප්‍රදේශයේ ප්‍රසිද්ධ විදුහලක ගුරුවරයෙකු සහ ඔහුගේ පුතුන් දෙදෙනාය.
සෝදිසියේදී සැකකරුවන්ගේ නිවසේ තිබී ටී-56 ගිනි අවි සඳහා භාවිත කරන පතුරොම් 152 ක් හමුවී ඇති අතර ඒවා දියතලාව ගුවන් හමුදා වෙඩිපිටියෙන් වරින්වර අහුලාගත් ඒවා බව සැකකරුවන් පවසා ඇත. එහෙත් පතුරම් අසුරණ පෙට්ටිද එම නිවසේ තිබීම නිසා නිවෙස් හිමි අදාළ ගුරුවරයා සහ ඔහුගේ වැඩිමල් පුත්‍රයා වන ත්‍රිරෝද රථ රියදුරෙකුද යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකු වූ බාල පුත්‍රයාද සැකපිට අත්අඩංගුවට ගෙන තිබිණි.
මෙම ගුරුවරයාගේ වැඩිමල් සහෝදරයාගේ පුතෙකු ද තවුහීත් ජමාත් කල්ලියට සම්බන්ධ බවට සැකපිට නිකවැරටිය ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත්ව සිටින බවද මෙම සැකකරු සිංහල අවුරුද්දට පෙර දියතලාවේ වෙළඳසැලකින් එකම වර්ගයේ කමිස 11 ක් මිලට ගෙන ඇති බවද අනාවරණය වී ඇත.
මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට භාරදුන් බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී අද (08) පැවැති බදුල්ල දිස්ත්‍රික් ආරක්ෂක කමිටු රැස්වීමේදී බණ්ඩාරවෙල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා පැවසීය.



2025 නොවැම්බර් මස 04
305
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2124
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1614
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මුස්ලිම් ජාතික ගුරුවරයා ගැන පරීක්ෂණය ත්‍රස්ත විමර්ශන කොමිසමට
athula Wednesday, 08 May 2019 10:25 AM
නැහැ වගේ හිතනවාට වඩා ගොඩක් උඩුදුවලා..............