(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
සාහිත්‍යය නිර්මාණ හරහා මුස්ලිම් අන්තවාදයට ආධාර අනුබල දුන් බවට සැකපිට අත්අඩංගුවට ගෙන මාස 10 ක් තිස්සේ පොලිස් රැදවුම්භාරය යටතේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රදවා සිටින මුස්ලිම් ජාතික කවියකු වන අනාෆ් ජසීම් නැමැත්තා මුණ ගැසීමට ඔහුගේ නීතිඥයින්ට අවසර දෙන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) බන්ධනාගාර බලධාරීන්ට නියෝග කළේය.
මාස 10 ක් තිස්සේ කිසිදු අධිකරණයකට ඉදිරිපත් නොකර පොලිස් රැදවුම් බාරයේ රදවා ගෙන සිටින තමාව වහාම මුදාහරින්නැයි ඉල්ලා මුස්ලිම් ජාතික කවියකු වන අනාෆ් ජසීම් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැදවූ අතර එහිදී මෙම නියෝගය ලබා දෙන ලදී.
මුර්දු ප්‍රනාන්දු, විනිසුරු යසන්ත කෝදාගොඩ සහ ශිරාන් ගුණරත්න යන මහත්ම මහත්මීන් ගෙන් යුතු ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම කැදවිණි.
එහිදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කේ. කන -ඊෂ්වරන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ තම සේවාදායක අහ්නාෆ් ජසීම් මේ වසරේ මැයි මාසයෙන් පසු කිසි දිනෙක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් නොකළ බවය.
ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර ඇති අයදුම්පත සම්බන්ධයෙන් සිය සේවාදායකයාගේ උපදෙස් ලබා ගැනීම සඳහා ඔහුව මුණ ගැසීමට ගියද එය ද ව්‍යවර්ථ වූ බවද බව ජනාධිපති නීතීඤ කන ඊශ්වරන් මහතා කියා සිටියේය.
නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියා සිටියේ සැකකරු දැනට අධිකරණ භාරයේ පසුවන අතර රඳවා ගැනීමේ නියෝගය අවසන් වීමෙන් පසු ඔහු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බවයි.
මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමට එරෙහිව නීතිපති විසින් සීමිත විරෝධතා ගොනු කර ඇති බව ද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේය.
කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල රිමාන්ඩ් බාරයේ සිටන අනාෆ් ජසීම් නැමැත්තා මුණ ගැසීමට ඔහුගේ නීතිඥයින්ට අවසර දෙන්නැයි බන්ධනාගාර නිලධාරීන්ට නියම කෙරිණි.
පෙත්සම ලබන සැප්තැම්බර් 8 දා වැඩිදුර සලකා බැලීමට නියම කෙරිණි.
මුස්ලිම් ජාතික කවියකු වන අනාෆ් ජසීම් වෙනුවෙන් ඔහුගේ නීතීඥවරයා ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ , පොලිස්පති , නීතිපති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
COMMENTS
සිරස්තලය බලලා මම හිතුවේ වෙන රටකින් ආපු කෙනෙක් කියලා. මෙයා ලාංකිකයෙක්...
අත්අඩංගුවට ගන්නකොට ත්ස්තරවාදීයෙක් වැඩේ අව්ල් යනකොට මුස්ලමි ජාතික කවියෙක්
මං මේ කියන්න යන්නේ නීතිමය පසුබිම ගැන නෙමෙයි.මේ කෙනා කවියෙකු යැයි කියා තිබෙන කතාව ගැනයි.කලාව ප්‍රගුණ කරපු අධි සංවේදී මිනිසුන් බොහොම උසස් හිත් ඇති අය.කවියෙකු නම්,සංවේදී හිතක් තිබේනම්,මිනීමරන, බෝම්බ පුපුරුවා අහිංසක ජීවිත වනසන මුස්ලිම් අන්තවාදීන්ට සහාය දෙන්නේ නැහැ.හැබෑ සාහිත්‍යකරුවකු නම්,ලේ ගලන මිනීමරු ත්‍රස්තවාදීන් හා එක්වන්නේ නැහැ. හැබෑ සාහිත්‍යධරයා අහිංසක මානව හිතවාදී කෙනෙක්.තෝල්ස්තෝයි තමන්ගේ සියලු ඉඩකඩම් හා දේපල දුප්පත් අසරණ මිනිසුන්ට දන්දී අවසානයේ මියගියේ දුගියෙකු ලෙසයි.සැබෑ මානව හිතවාදී සාහිත්‍ය කරුවන් එසේයි.කරුණු කාරණා නොදත් තරුණයන් මේ වැනි ව්‍යාජ සාහිත්‍ය කරුවන්ගේ අන්තවාදී උගුල්වල පැටලෙනවා.ඒවායින් ලෝකයේ සාමකාමී මිනිසුන්ට හා සමාජයන් වෙත සිදුවනුයේ අනර්ථයක්.
මම මුස්ලිම් කවි අහලා නැහැ.... මේ ගොල්ලන් අහගෙන එ්වි...
සමහරු අපිට පොත දැම්මා... මෙයාලා කවිය දැම්මා...
ඔවුන් කවියන් නොවෙයි. අන්තවාදී මුර්ගයින්
ජාතිවාදය කොහෙන් ආවත් එකම තමා .හැබැයි ඉතින් පොලීසිය බොරුවට මිනිස්සු හිරේට දාන එක වගේම පගාව අරන් නිදහස් කරන එකත් වැරදී
වරදක් කළා නං නිතිය හරියට ක්‍රියාත්මක කරන්න අපොහොසත් මේ ආණ්ඩුව කරන්නේ අන්තවාදය පොහොසත් කරන එක.