(ඩයනා උදයංගනී)
රට තුළ ක‍්‍රියාත්මක මුස්ලිම් අන්තවාදී ත‍්‍රස්ත කණ්ඩායම් වෙත ආණ්ඩුවේ ඇතැම් පාර්ශ්වයන්ගේ සහය හිමිවන්නේද යන්න ගැන සැකයක් තිබෙන බවත් ඔවුන්ට මෙතරම් අවි ආයුධ ලැබුණේ කෙසේද යන්න ගැන ද පොලිසිය විශේෂ පරීක්‍ෂණයක් කළ යුතු බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.
තව්හීද් ජමාත් සංවිධානයට අයත් පල්ලි මගින් අන්තවාදය උගන්වන බව කී මහලේකම්වරයා ඒවා සියල්ල තහනම් කළ යුතු බව ද සඳහන් කළේය.
ජම්ඉයියතුල් උලමා සංවිධානය සමඟ සාකච්ඡා කර ඒ ඒ ප‍්‍රදේශවල පවතින මුස්ලිම් මහපල්ලි හා අවශ්‍ය සෙසු පල්ලි පවත්වාගෙන යා යුතු බවද මන්ත‍්‍රීවරයා කීවේය.
දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (3) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
අන්තවාදී සංවිධාන විසින් සියල්ල කරන්නේ රාජ්‍ය නොවන සංවිධානවල ආධාර මත බව කී ජයසේකර මහතා ඔවුන් මුස්ලිම් ජනතාවට උදව් කරන බව කියමින් සෞදි අරාබියෙන් හා කටාර් රාජ්‍යයෙන් මුදල් ලබාගන්නා බව ද කීවේය.
මෙවැනි දේ කරන සංවිධානවලට මුදල් ලබානොදෙන ලෙස සෞදි අරාබියෙන් හා කටාර් රාජ්‍යයෙන් ඉල්ලා සිටින බව මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
මුස්ලිම් අන්තවාදීන්ට ආයුධ ලැබුණු ආකාරය සෙවිය යුතුයි