



ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක
මස්කෙළිය බ්‍රවුන්ලෝ තේ වතුයායේ 56 කොටසේ මව නොමැතිව සිටි කුඩා අඳුන් දිවි පැටවුන් සිව්දෙනෙකු අද (12) පෙරවරුවේදී මස්කෙළිය පොලිසිය සොයාගෙන ඇත.
බ්‍රවුන්ලෝ තේ වතුයායේ කම්කරුවෙක් අද උදෑසන දර කැපීමට ගිය අවස්ථාවේ සිටි මෙම අඳුන් දිවි පැටවුන් දැක මස්කෙළිය පොලීසියට දැන්වූ බව බ්‍රවුන්ලෝ තේ වතුයායේ වතු අධිකාරී හේරත් මහතා පැවසීය.
මෙම දිවි පැටවුන් සම්බන්ධයෙන් වන ජීවි දෙපාර්තමේන්තුවේ නල්ලතන්නිය කාර්යාලයේ නිලධාරීන් දැනුම්වත් කළ බව මස්කෙළිය පොලිස්ථානාධිපති පොලිස් පරීක්ෂක ටිරෝන් රත්නායක මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්ම කොහේ හරි ගිහිල්ලා ඇති කෑම ටිකක් කාලා එන්න. මොකද පැටවුන්ට කිරි දෙන්නත් ඕන නේ. ඕගොල්ලෝ හදිසි වෙන්න එපා!
මෛත්‍රී ඔබ නිවැරදියි. වනගත බිලාල මවක් මිනිසුන් එනවිට එතන රැඳෙන්නේ නැහැ. ඉතින් අප නියමකරගන්න මායිම් ඒ අයට නොවැටහේ. ඒ අයට අදාල නැත. 995දෙනකු කියවූ ලිපියේ අදහස් එක්අයකු සිටීමත් සතුටක්...
ඔය පැටවූ ටික විකුණන්න දැන් දඟලනවා ඇති