(අමදෝරු අමරජීව)
මස් කිරීමට කිඹුලෙකු මරා ගෝමරන්කඩවල නීල පනික්කම් කුලම වැව් ඉස්මත්තේ කැළෑවක සැඟවූ සිවිල් ආරක්ෂක භටයෝ 7 ක් ගෝමරන්කඩවල පොලිසිය හා වනජිවී අඩවි කාර්යාල නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
පොලිසියට ලද තොරතුරක් අනුව වනජිවී නිලධාරින් සිවිල් ආරක්ෂක භට පිරිසක් සමඟ එක්වීමෙන් මෙම වැටලිම සිදුකර තිබේ.
අඩි 8 යි අඟල් 3 ක් දිග කිඹුලා මෙලෙස මරා දමා තිබුණේ පොලු වලින් පහරදී බව එම වැටලීමට එක් වූ වන සත්ව අඩවි සහකාර ඩබ්.එම්.ඒ.ඩි. වික්‍රමසිංහ මහතා පැවසීය.
නිල පනික්කම් කුලම වැවේ මාලු ඇල්ලීමේ යෙදී සිටි මෙම සිවිල් ආරක්ෂක භට පිරිස එලා තිබූ දැළකට පැටලුණු කිඹුලා ගොඩ ගෙන පහරදී මරා මෙසේ කැළෑවේ සඟවා ඇති බව මුලික විමර්ශන වලින් අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගත් සිවිල් ආරක්ෂක භටයෝ 7 දෙනා ගෝමරන්කඩවල අඩම්පනේ සිවිල් ආරක්ෂක බළකා කඳවුරට අනුයුක්ත පිරිසක් වන අතර ඔවුන් ගෝමරන්කඩවල බක්මිගම පදිංචිකරුවෝ වෙති.
අනුරාධපුර, රත්මලේ තිස්ස විදුහලේ පසුගිය 15 වැනි දින පැවති පහ වසරේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයකින් ජයාරූප ගතකර බේදා හරින ලද බව කිය
ජනසෙත පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක බත්තරමුල්ලේ සීලරතන හිමියන්ට සහ ඔහුගේ ආරක්ෂකයාට ඊයේ (15) රාත්‍රී අනුරාධපුර නව බස් නැවතුම්පොළේදී පිරිසක් පරුෂ වචනයෙන
පොළොන්නරුව ජලගැලිම් නිම්න ජාතික වනෝද්‍යානයේ වැලිකන්ද කටුවන්විල ප්‍රදේශයේ, සංවිධානාත්මක දැව ජාවාරම්කරුවන් පිරිසක් විසින්ම දිගු කලක සිට අක්කර පනහකට
ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක උපදේශනය යාවත්කාලීන කර ඇත.
ඡන්ද පොළවල කලබල ඇති කළහොත් වෙඩි තැබීමට උපදෙස්දී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ලංකාදීපයට පැවසීය.
ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධානීන් සහ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් රාජගිරිය
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව
ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය
මස්කිරීමට කිඹුලකු මැරූ සිවිල් ආරක්ෂක භටයෝ 7 ක් අල්ලති
නෙවිල් Tuesday, 15 September 2020 09:51 AM
අඩුව තිබුණේ සිවිල් ආරක්ෂක භටයින් විතරයි.. දැන් ඒ ගොල්ලත් පටන් ගත්තද?